චාරුමතී
රොඩ්නි විදානපතිරණගේ මාධ්ය ප්රවේශය සනිටුහන් වන්නේ සිනමා මාධ්යවේදියකු වශයෙනි. ඔහු මේ භූමිකාව තුළම රැඳී නොසිටී. ඔහුගේ තරුණ සිත නොයෙක් මාධ්ය සොයා දිවයන්නට පටන් ගනී. චිත්රපට සහාය අධ්යක්ෂ, ගෙයපද රචක, චිත්රපට අධ්යක්ෂ, සංචාරක මාධ්යවේදී, සිනමා පුවත්පත් කර්තෘ, තරුණයා කර්තෘ, දිනපතා ලංකාදීප පුවත්පතේ විධායක මාධ්යවේදී වශයෙන් මුල කාල පරිච්ඡේදයක් තුළ මාධ්ය රැසකට බද්ධ වී දස්කම් දැක්වීමට ඔහුට හැකි වේ.
මේ කුසලතා පිරුණු මාධ්යවේදියාගේ සිත නවකතාව කෙරේද යොමු වේ. නවකතාවේ අන්තර්ගතය ඔහුගේ පෑනට ගෙදරින්ම ආරූඪ වේ.
ඔහුගේ ආදරණීය බිරිඳගේ ජීවිත අත්දැකීම් තුළින් ඔහු සොරාගත් සිද්ධීන්වල පරිකල්පනයෙන් කුළුඳුල් නවකතාව බිහි වේ. එහෙත් නවකතාව බිහිවීමට පෙර ඔහුගේ බිරිඳ හදිසියේ රෝගාතුර වී ඔවුන් තනිකර මෙලොවින් සමු ගනී. බිරිඳගේ සුවඳ ඉතිරුණු නවකතාව 'චාරුමතී' නමින් නිකුත් වේ.
'චාරුමතී' මෙතෙක් අප නොදුටු ඔහුගේ වෙනස් පැත්තක් අප ඉදිරියේ තබයි. ඔහු එක්කාසු කරගත් අත්දැකීම් තුළින් හරවත්, රසවත් නවකතා බිහිවේවායි යනු අපගේ ප්රාර්ථනයයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.