A STEP TO ENGLISH - ඉංග්‍රීසියට පියවරක්
ඉංග්‍රීසි ඉගෙනීමේ හා ඉගැන්වීමේ ක්රමවේදය ගැන අත්දැකීම තුළින් මනා දැනුමක් ප්රකට කරන ජනප්රිය ඉංග්රීසි ගුරුවරයකු ලෙස නලින් අමරසේන මහතා හඳුන්වා දිය හැකිය. ඉංග්රීසි බස ඉගැන්විය යුතු ආකාරය ගැනත්, භාෂාව ඉගෙනීම ආරම්භ කරන්නන් මුල දී මුහුණ දෙන දුෂ්කරතා ගැනත් මනා අවබෝධයක් ඔහු සතුව ඇත.
ඉංග්‍රීසිය දෙවැනි බස සේ ඉගැන්වීමෙහිලා බොහෝ දෙනෙක් ව්‍යාකරණ සම්බන්ධයෙන් නොයෙක් මත දරති. ව්‍යාකරණ ඉගැන්විය යුතු ද නැතහොත් ග්‍රහණය කර ගැනීමට ඉඩ හළ යුතු ද (Grammar should be caught or grammar should be taught) යන්න සලකා බැලිය යුතු කරුණක්ව තිබිය දී මේ දෙයාකාරයටම ඔබින පරිදි කෘතියක් සම්පාදනය කිරීමට ලේඛකයා ගෙන ඇති ප්‍රයත්නය අගනේය.
කියවීමෙන් නොව මෙහි ඇති පාඩම් අධ්‍යයනය තුළින් ඉංග්‍රීසි ඉගෙනීමේ අවශ්‍යතාව ඇති ඕනෑම තරාතිරමක පුද්ගලයකුට මනාව ඉංග්‍රීසි ඉගෙනීමට මෙම කෘතිය මහඟු අත්වැලක් වනු ඇතැයි මම විශ්වාස කරමි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.