හරි වැරැද්ද 2 - ව්‍යාකරණ සහ භාෂා පරිචය
අක්ෂර වින්‍යාසය කියන්නේ ව්‍යාකරණ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අක්ෂර වින්‍යාසය කියන්නේ වචන කෝෂයේ වචන නිවැරදිව අර්ථ ජනනය කළ හැකි ලෙස අකුරු නොවරදවා ලිවීමයි. අක්ෂර වින්‍යාසය නිවැරදි වූවොත් පමණයි වචනයක අනන්‍යතාව රැකෙන්නේ. අක්ෂර වින්‍යාසය නැති වූවහොත් ඒ වචනයෙනෙන්‍යතාව නැති වෙනවා.
නිදර්ශනයක් විදියට “වනය” කියන වචනය ගනිමු. එහිදි දන්තජ “න” භාවිත කළහොත් එය “කැලය”යි. “වණය” කියලා මූර්ධජ “ණ” භාවිත කළොත් එය තුවාලයයි. “වල” කියන වචනයේදී දන්තජ “ල” ලිව්වොත් එය ද “කැලය”යි”වළ” කියලා මූර්ධජ… කළොත් එය “වළක්”. ඒ ආකාරයට වචනයක අනන්‍යතාව පවතින්නේ නිවැරදි අක්ෂර වින්‍යාසය මතයි.
මෙය පාලි, සංස්කෘත වචන භාවිතයේදී වැදගත්. බොහෝ අය අක්ෂර වින්‍යාසයේදී වරද්දන තවත් දෙයක් තියෙනවා. අල්පප්‍රාණ අක්ෂර සහ මහාප්‍රාණ අක්ෂර. සමහර අල්පප්‍රාණ අක්ෂර සඳහා මහාප්‍රාණ අක්ෂරත් මහාප්‍රාණ අක්ෂර සඳහා අල්ප ප්‍රාණ අක්ෂරත්, දන්තජ අක්ෂරත් භාවිත කිරීමයි බොහෝවිට සිදුවන්නේ. මේවා වැරැද්දීම නිසා වචනයේ අනන්‍යතාව වෙනස් වී අර්ථය ද වෙනස් වෙනවා. එවිට සන්නිවේදනය මැනැවින් තේරෙන්නේ නැහැ. ලිව්ව දේට වඩා වෙනස් දෙයකුයි කියවන කෙනාට වැටහෙන්නේ.
මහාචාර්ය විමල් ජී. බලගල්ලේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.