Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / අභිප්‍රේරණය සහ බෞද්ධ සමුත්තේජන සංකල්පය

අභිප්‍රේරණය සහ බෞද්ධ සමුත්තේජන සංකල්පය

About this book

අභිප්‍රේරණ සංකල්පය බටහිර මනෝවිද්‍යාව තුළ සඳහන් වුව ද එය සියලු විෂය ක්ෂේත්‍රයන්ට පදනම් වන මූලික දාර්ශනික සිද්ධාන්තයකි. බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය යන විෂයන් තුළ ද එහි අර්ථය සහ භාවිතය මොනවට ප්‍රකට කෙරේ. බුදුදහමෙහි අනන්‍යතා ලක්ෂ්මි විග්‍රහ කරමින් අභිප්‍රේරණ සංකල්පය පළමුවරට බෞද්ධ සමුත්තේජනය නමින් මෙහි දී හඳුන්වා දී තිබේ. 

බෞද්ධ හා බටහිර අභිප්‍රේරණ සංකල්පය තුලනාත්මක ව විමර්ශනය කොට ඇති පර්යේෂණාත්මක ග්‍රන්ථයක් මෙතෙක් රචනා වී නොමැති තරම් ය. එකී අඩුව පූර්ණය කරමින් රචිත මෙම කෘතිය බෞද්ධ අධ්‍යයනය, මනෝවිද්‍යාව, උපදේශනය යන විෂය පෝෂණයට මහගු අත්වැලක් මෙන්ම එම විෂයන්ට අදාළ උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලාවන් සඳහා ප්‍රාමාණික ග්‍රන්ථයක් වශයෙන් ද අගය කළ හැකි ය. මෙම කෘතිය එම විෂයන් හදාරන ගුරු සිසු සැමගේ මනදොළ සපුරනු නො අනුමාන ය. ත්‍රිපිටකය මූලාශ්‍ර කරගනිමින් බුදුසමයෙහි මනෝවිද්‍යාත්මක සංකල්ප නූතන ලෝකයට හඳුන්වාදීම සම්බන්ධයෙන් ද ගත් කතුවරියට විද්වත් සැමගේ ප්‍රශංසාව හිමි විය යුතු ය. 

රුහුණ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ද, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ද සමත් මෙහි කතුවරිය දැනට එම විශ්ව විද්‍යාලයෙහි ම ආචාර්ය උපාධි පර්යේෂණ කටයුතුවල නිරතව සිටියි. 

උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ද, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ද හදාරා මනා ශාස්ත්‍රීය පරිචයකින් සමන්විත රුහුණු විශ්ව විද්‍යාලයෙහි සහකාර කථිකාචාර්ය ඩී. එම්. හර්ෂිකා බණ්ඩාර විසින් රචිත මෙම කෘතිය ශාස්ත්‍රීය ගමන් මගෙහි එක් විශිෂ්ට ඵලයක් පිළිබිඹු කරන්නකැයි සඳහන් කළ හැකි ය. 

උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක, 
රුහුණ විශ්වවිද්‍යාලය, මාතර

ISBN
9789556564198
පිටු ගණන (Pages)
269
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අභිප්‍රේරණය සහ බෞද්ධ සමුත්තේජන සංකල්පය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.