ජනහද වෙසෙන අපේ දෙවි ගණ
මිනිස් මනසේ එක් චමත්කාරජනක කලාපයක් මූර්තිමත් කරන්නකි, දේව සංකල්පය. තම සිතුවිලි පරාසයට නතු නොවූ විවිධ සාධක, ගාම්භීර, අද්භූත හා ගෞරවපූර්වක මනෝභාවයන් හා සංකලනය කරමින්, ඒවා ජීවමාන කිරීමේ මිනිස් කාර්යාවලියක හැඩරුව 'ජනශ්‍රැතිය' මගින් දැකිය හැකි ය. ජනකතා හා පුරාණෝක්ති අප අතට පත් වන්නේ ඒ ඔස්සේ ය. 'ජනහද වෙසෙන අපේ දෙවි ගණ' කෘතියේ ඇතුළත් කතා සමුච්චය සැකසී ඇත්තේ ද, ඒ ආශ්‍රිතවය.
අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකිකයන් ළඟින් ඇසුරු කරන, දුක කියන, පිහිට පතන, සුමන සමන්, කතරගම, විෂ්ණු, දැඩිමුණ්ඩ, පත්තිනි, ගණ ආදි දෙවිවරුන් මෙන් ම, එතරම් ප්‍රචලිත නො වූ, ප්‍රාදේශීය වශයෙන් බුහුමනට පාත්‍රවන දෙවිවරු පිළිබඳ ව ද තොරතුරු ඇතුළත් වීම, මා මෙම කෘතියේ දකින විශේෂත්වයකි. බුදුදහම මෙන් ම, මේ බොහෝ දෙවිවරුන්ගේ පසුතලය ද ඉන්දියාවයි. මෙරට බුදුදහම ස්ථාපිත වන විට, දේව සංකල්පය ද බොදු මුහුණුවරකින් ඊට අනුගත වූ අයුරු පැහැදිලි ය. මා, මෙම කෘතියේ දකින තවත් විශේෂත්වයක් නම්, සෑම දෙවිකෙනෙකු හෝ දෙවඟනක හෝ වටා ගෙතුණු කුදු මහත් පුරාකතා සනිටුහන් කිරීම කෙරෙහි, කතුවරිය දක්වා ඇති ඉමහත් අවධානයයි. සැලකිල්ලයි. දෙවියන් පිළිබඳ උනන්දුවක් දක්වන්නෙකුට එය මහත් පිටුබලයක් වනු නො අනුමාන ය.
මෙලෙස, මෙරට ප්‍රචලිත දෙවියන් හා දෙවඟනන් පිළිබඳ තතු ඇතුළත් කරමින් කෘතියක් සම්පාදනය කිරීම ගැන පාඨක ප්‍රශංසාව හා ප්‍රණායම, කතුවරියට හිමිවනු ඇත. ඒ, මෙය පහසු හෝ ලෙහෙසි හෝ කාර්යයක් නොවන බව පැහැදිලි නිසා ය. එමෙන්ම ජනහද වෙසෙන අපේ දෙවි ගණ', මහත් අභිරුචියකින් කියවිය හැකි කෘතියක් ලෙසින් මෙන් ම, සමාජ සත්කාර්යයක් ලෙසින් ද දකිමි.
ශ්‍රීමතී මුණසිංහ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.