Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ආදරයේ මරණය

ආදරයේ මරණය

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

"ආදරයේ මරණය '' යනු නූතනවාදයේ දෙදරුම සහිත ඇදුම් කන යෙදුමකි. පුලස්ති අනුරංග ලිවේරාගේ සපුවේ තිබේදැයි කවියෙන් කවිය වීමසා බැලීම සහෘදයාගේ පුලස්ති එළැඹුම විය යුතු ය. ඔහු විශිෂ්ට නූතන කාව්‍ය බහාලුමක් වන ‘ගද්‍යමය කවි’ පවා අතිශය රැඩිකල් ලෙස මෙහි බහා ළා තිබීම සහෘදයාට අත්හැර යා නොහැකි ය. 

රසායන විද්‍යා විෂයෙහි පෙළහර පාන කවියා ස්වකීය කාව්‍යමය සංයෝජනය පිණිස තෝරාගෙන ඇත්තේ භාෂා හෝඩිය නම් පුවරුවේ අක්ෂර රසායනය නොව ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය ඇසුරෙ වන මූලධාර්මික සැකසුමයි. ආදරය පවා ඔහු විසින් වර නැඟෙන්නේ සමකාලීන ජීවිතයේ ද්‍රව්‍ය මුලික පදනම ඉක්මවූ අධ්‍යාත්මයේ වන මූලද්‍රාව්‍යයික පදනමකින් වන්නේ එබැවිනි.
මේ උපුටන බලන්න!
"කාලයේ තිර පට ඉරා
අබවසෙහි යදමන් හැරා
ප්‍රේමයේ නිෂ්ඨා දරා
වරෙන් මා වෙත සුන්දරා”

"වසත්සම මධ්‍යයේ
කෘෂව ගිය ප්‍රේමයේ
බිඳුණු තටු අහුලන්න
තනිව එමි ප්‍රේමයේ”

"හැර යනා බව දැන දැනත්
ළඟ සිටීමයි ප්‍රේමය
නොලැබෙනා බව දැන දැනත්
කැප කිරීමයි ප්‍රේමය

පුලස්තිගේ කවියෙහි වන සන්ධිනි ගත රසායනික විද්‍යා
ශික්ෂණය අල්ලා ගත හැකි, එසේ ම ඔහුගේ කාව්‍යමය
යෝජනාවන්ට අනන්‍ය වන කියවන්නෙකු වේ නම්, එකී කියවන්නා
කෙරෙන් ආදරයේ මරණය' මතු නොව කවියාගේ මරණය ද එක
විට ඉෂ්ට සිද්ධ විය හැකි බව අවධාරණය කළ යුතු ය.

ISBN
9786246555108
පිටු ගණන (Pages)
59
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Want to buy
    Great
    Gauri ·
Write a review
Write a review

You're reviewing: ආදරයේ මරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.