අධිකරණයට අපහාස කිරීමට අදාළ නීතිය
නීතියේ ආධිපත්‍යය, නීතියේ පාලනය සමාජයකට අත්‍යවශ්‍ය වන්නේ එසේ නොවුවහොත් මනුෂ්‍යයා තුළ සිටින දෙවියා පසුබැස තිරිසනා ඉදරියට ඒමට අවකාශ තිබෙන බැවිනි. බුදුන් වහන්සේ පවා “සබ්බේ තසන්ති දණ්ඩස්ස” (සියලු සත්වයෝ දඬුවමට බිය ඇත්තාහුය) යනුවෙන් දේශනා කළේ එහෙයිනි. නීතියේ ආධිපත්‍යය රජයන සමාජයක ප්‍රධාන ලක්‍ෂණය වන්නේ අධිකරණයට මිනිසුන්ගේ ඇති බය පක්‍ෂපාතකමයි. එනම් අධිකරණ නියෝගයන්ට හා තීන්දුවලට එකඟවීමයි. ඊට එරෙහිව නීතිය අතට නොගැනීමයි. එසේ නීතිය අතට ගෙන අධිකරණ තීන්දු තීරණ වලට එරෙහිව යමෙකු කටයුතු කළොත් එතැනදී අධිකරණයට අපහාස කිරීමේ වරද සංස්ථාපනය වේ. මේ මාතෘකාව යටතේ පොතක් ලිවීමේ අදහස නූතන සමාජයේ විටින් විට මතුවන ප්‍රතිවිරෝධතාද සැළකිල්ලට ගෙන මේ පොත සම්පාදනය වී ඇත. නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන නිසා අධිකරණයට අපහාස කිරීම යනු කුමක් ද එය සිදුවන්නේ කෙලෙස ද යන්න පිළිබඳ හුදෙක් නීතිඥවරයන්, නීති සිසුන් හා නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ නිලධාරින් පමණක් දැන සිටීම පමණක් නොසෑහෙන බැවින් සාමාන්‍ය ජනතාව ද මේ ගැන දැනුවත්වීම වැදගත් වන හෙයින් ඒ පිළිබදව විවරණය කෙරෙන මේ ග්‍රන්ථය පරිච්ඡේද 10 කින් යුක්තව රචනා වී ඇත. ඒ අතර අධිකරණයට අපහාස කිරීම යනු කුමක් ද? , ඒ සම්බන්ධයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඇති ප්‍රතිපාදන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා- වේ 105(3) වගන්තියට අදාළ නීතිය හා ඊට අදාළ නඩු තීන්දු, 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ ඇති ප්‍රතිපාදන, 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ. පනතේ ඇති ප්‍රතිපාදන, චෝදනාව හා ඔප්පුකිරීමේ භාරය, 1977 අංක 21 දරණ බෙදුම් පනතේ බලපෑම, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චූදිත තැනැත්තන් වෙත යවනු ලබන සිතාසිය, වරෙන්තුව හා අපහාසයට වරදකරු කිරීමේ ආකෘති සහ 2018 දෙසැම්බර් මස දක්වා යාවත්කාලීන කරන ලද ඉංග්‍රීසි බසින් වන නඩු තීන්දු 139කින් යුත් උපග්‍රන්ථයක්ද මීට ඇතුළත්ය.
මෙම ග්‍රන්ථයේ කතුවරයා වන නීතීඥ කපිල ගාමිණී ජයසිංහ සිවිල් අධිකරණවල ප්‍රායෝගිකව නීති වෘත්තියේ යෙදෙන නීතීඥවරයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් 1996 වසරේ නීතිවේදී උපාධිය දිනාගත් ඔහු ෂ්‍යඍ ආයතනයේ මානව හිමිකම් නීතිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි. ඔහු වාණිජ නීතිය පිළිබඳව ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානයේ න්ථක හි බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි. මීට පෙර ඔහු විසින් නීති ග්‍රන්ථ 34ක් ලියා පළද කර ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.