අධ්‍යාත්මයේ ශිඛරය
සීනු නාදයක් ද බෙර හඬක් ද සංකලනය වූ අසා නුපුරුදු සංගීතයක් කඳුකරය දෙසින් පහළට ගලා එතැයි ඔවුහු පවසති. එම නාදය මුහුදු වෙරළතීරයේ දිගට ම ඇදී යතැයි ඔවුන්ගේ විශ්වාසයයි. එම හඬ නැගෙන්නේ තාවෝ භික්‍ෂු භික්‍ෂුනීන් සිය රහසිගත පුද පූජා පවත්වන නිශා යාමයේ දීය.
අඳුරේ කෙළවරින් ඔබට ඇසෙන්නේ සංගීත රාවයකි. මිදී ඝනීභවනය වූ සංගීතය ක්‍රමයෙන් උච්ච වී නැඟේ. උතුරා බුබුළු දමන දිලිසෙන පලිඟු අංශු මෙන් සංගීත නාදය ඔබේ සිරුර වෙලා ගන්නේය.
තවත් බහුවිධ හඬ සන්නිපාතයක් සමඟ ඒකාග්‍රව මිශ්‍රිත වී විදාරණය වන සංධවනිය මහා නදී ජල ප්‍රවාහයක් සේ පෙනී නොපෙනී පෙනී පෙනී නොපෙනී යන්නේය.
හාත්පස පැතිර ඇත්තේ නිහැඬියාවය. ශාන්ත සන්සුන් නිහඬ බව මැද නොනැවතී හිම පතනය වේ. අවට වෙළා ගත් පූර්ණ සන්සුන් නිහැඬියාව මා තුළ දල්වන්නේ විශ්මයකි. දෙව්ලොව ද මෙවැනිම ශාන්ත සන්සුන් තැනක් විය යුතුය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.