Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ආකාශ ගංගාවරෝහණ

ආකාශ ගංගාවරෝහණ

About this book

සංචාරකයෙකුට ඉන්දියාව තරම් අභියෝගාත්මක දේශයක් මිහිපිට නැතැයි කීම අතිශයොක්තියක් නොවේ. ඓතිහාසීය, සාමාජීය හා පාරිසරික වසයෙන් ඒ වනාහි වෛවර්න බහුරූපේක්ශ (Kaleidoscopic) දර්ශනයකි. එය රිසි සේ නැරඹීම සඳහා යමෙකුගේ ජීවිත කාලය වුව මදි විය හැකි ය. නැරඹීම යනුවෙන් මා අදහස් කරන්නේ හුදෙක් දෑසින් දැකීම නොවේ. ඉන්දියාව යනු, ප්‍රගාඪ පන්ති පරතරය හා පසුගාමී සංස්කෘතික ලක්ශන තිබියදී, ඉවසීමෙන් භුක්ති විඳිය යුතු රසවත් ආහාරයකි. ඉන්දියාව තුල කිසිදු මගියෙකු කාංසිය වැලඳී මිය යන්නේ නැතැයි රස්කින් බොන්ඩ් පැවසී ය. සංජීවනී රූපසිංහගේ චාරිකා සටහන් රස විඳින ලාංකිකයෙකුට තමා ලඟපාත ගමකට නෑගම් ආ සෙයක් හැඟේ. දකුනු ඉන්දීය ජන ජීවිතය කතුවරි මැනවින් අවශෝශනය කරගෙන ඇති බවට එය ම සාක්ෂියකි. ඇගේ පරිසර වැනුම් ද චිත්තාකර්ශනීය ය:

“දැන් දැන් රැහැයි හඬ පමණක් නො ව විවිධ කුරුල්ලන්ගේ හඬ ද ඇසේ. ගස් එක පෙළට සුළඟ සමඟ වැනෙන විට නැඟෙන සිහින් නාදයකි. එය ළයාන්විත ය. එහෙත් එය සුළං ඕඝයකි. කළුවර ගලන හඬ මේ යැයි මට හැඟේ. බටහිරින් ඉර බැස යද්දී පෙරදිගින් කළුවර ගලා හැලෙයි. මේ එන්නේ එසේ කළුවර ගලා හැලෙන හඬ යි. ගස් මුදුන් තාලයට පැද්දෙන මේ හඬ ආදරණීය මොහොතක නැඟෙන සුසුම් හඬක් බඳු ය. ගස් අපට කතා කරන්නේ එසේ ය. අසන්නට අප ඉගෙන ගත යුතු ය. මෙය ආනන්දනීය නිමේෂයකි. එය නිහඬතාවයේ හඬ අසන නිමේෂයකි. ප්‍රමෝදයෙන් මා හද උතුරා යයි.

කර්නාටක ප්‍රාන්තයේ වරංගා වෙත යන ත්‍රාසජනක ගමන අතරමග ව්‍යාඝ්‍රයන් ගහන ඝන වනයේ ස්වභාව සෞන්දර්යය පිලිබඳ මේ අපූරු වර්නනාව ජිනීවා විලබඩ සන්ධ්‍යා දසුන් පිලිබඳව ලියෝ තොල්ස්ටෝයි මවන මනරම් චිත්ත රූපය සමඟ සැසඳීමට මම මොහොතකුදු නොපැකිලෙමි.

සිංහල පර්යටන සාහිත්‍යයට අභිනවයෙන් එකතු වන ආකාශ ගංගාවරෝහණ නමැති මේ කෘතිය විචිත්‍ර දෘශ්‍යමානය විනිවිදිමින් අපේ අසල්වැසි රාජ්‍යය වෙලා ගත් අඳුරුබර සමාජ යථාර්ථයෙන් බිඳක් ද අප හමුවේ තබයි.

Details
ISBN
9789554338425
පිටු ගණන (Pages)
167
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ආකාශ ගංගාවරෝහණ

Reviews are published once a member of our team has read them.