නොදුටු තුරකින් පැමිණි සුවඳක්
වර්ෂා, වනාන්තරවලට ඉහළින් ඇද හැලුණා. කවුරුත් ම ආස නැති තැන්වල පවා නැවතුණා. වර්ෂාට වනාන්තර සියාරා ඇද හැලෙන්නට පුළුවන් වුණේ මේඝ නිසා.
වර්ෂාටත් මේඝටත් සිංහල ගස්, දෙමළ ගස්, බෞද්ධ ගස්, ඉස්ලාම් ගස් කියලා ජාති තිබුණේ නැහැ. වැස්ස වැටුණේ හැමෝට ම එක විදිහට. ගස්වල පුංචි පුංචි සෛල ඇතුළෙන් මේඝ අරන් ආපු ඔක්සිජන් සත්තු, මිනිස්සු හැමෝගෙ ම පෙනහලු අගිසි වෙනකල් ගියා. ගැහැනු ද පිරිමි ද කියලා හෙව්වේ නැහැ. ඔව්. සත්තුත් හුස්ම ගන්නවා.
ඉර එළිය හරියට වැටෙන්නේ නැති අඳුරු වනාන්තරයක රැහැ හඬ අතර ඇති අලෞකික ගුප්තත්වයක් මේඝගේ ලස්සන විසල් ඇස්වල තිබුණා. ඒවායින් ලෝකය පරාවර්තනය වුණා. වහින්න පොඩ්ඩකට කලින් මද අඳුරත් එක්ක හමන සීත සුළඟක තිබුණු අනිර්වචනීය රමණීයත්වයක් වර්ෂාගේ ආදරය ඇතුළේ තිබුණා.
ජීවිතය විඳින්නට හිමිකමක් මොකට ද?
ජීවිතය ඇත්තේ අතහැරපු තැන.
ලෝකයේ තිබුණේ එක දෙය යි. ඒ ආදරය පමණ යි.
ආදරයේ භාෂාව ආදරය ම යි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.