අමාරිස් අයියා සහ විනෝද සමය
අමාරිස් : අපේ මිනිස්සු ඉස්සා කන්නේ අඬු පිටින්, පොත්ත සුද්ද කරගන්න කම්මැලියි. මං දවසක් දැක්කා ‛සූකි නද්දෙක්’.
හාමු : මොකෙක්...?
අමාරිස් : හහ්! හා! හා! සූකි නද්දා කියන්නේ නාකි සුද්දා. මේං සයිස්! මගෙන් දුවගෙන දුවගෙන ඇවිල්ල ඇහුවා, "වෙයර් ඊස් ද බස් හෝල්ටීම් ප්ලේස්” කියලා. පස්සේ මං මිනිහව බස් හෝල්ටීම් ප්ලේස් එකට එක්කන් ගිහිල්ලා කිව්වා "දිස් ඊස් ද බස් හෝල්ට්” කියලා.
හාමු : ඇත්තට..! ඉතිං සුද්ද මොකද කිව්වේ.
අමාරිස් : "ටැංකිව්” කිව්ව.
හාමු : උන් එහෙමයි. මොකක් කළත් ටක් ගාලා ටැන්කිව් කියනවා.
අමාරිස් : බලන්ඩ මහත්තයෝ, බස් හෝල්ටින් ප්ලේස් එක පෙන්නලා ටැංකිව් කිව්වනං. වෙන මොනවා හරි පෙන්නුවා නම් මොනවා කියයිද?
හාමු : අපෝ චික්! ඒවා පෙන්නුවා නම් උන් බණිනව. ඒවට කැමති නෑ.
අමාරිස් : මහත්තයා කියන්නේ මොනවාද? මං කිව්වේ වෙන වැදගත් ස්ථානයක්.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.