අමෘත හස්තය - සරසවි ප්‍රකාශන

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
amurtha-hasthaya-w-a-silva-sarasavi

සියුම් කලාකාරියක් හැටියට නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප්‍රථම සිංහල නවකථාව - සිරියලතාව - බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පංක්තියේ පවුලක උපන්නේ ය - හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ විය - සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය- ලොකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප්‍රවීණ විය - අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය - තමා විසින් ම නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්විය.

නවකතා චක්‍රවර්තී - සාහිත්‍ය කීර්ති වැනි විරුදාවලියෙන් පුද ලද මේ අසහාය ලෙඛකයාගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය, 1957 මැයි 31 වැනි දා සිට පාඨකයන් කෙරෙන් සදහට ම තුරන් වී ඇත්තේ ය. එහෙත් සිය බස වෙනුවෙන් සිය දිවි කැප කොට, ඔහු අතින් ලියැවුණු මිණි මුතු වන් මහ පොත් රැසක් නොනැසී පවත්නේ ය.

Author ඩබ්.ඒ.සිල්වා - W.A.සිල්වා (11)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553119070
පිටු ගණන 216
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අමෘත හස්තය - සරසවි ප්‍රකාශන
Back to Top