Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / අනතුරුවලින් ඔබේ දරුවා රැකගන්න

අනතුරුවලින් ඔබේ දරුවා රැකගන්න

About this book

පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කතුවරයා, මාධ්‍ය මඟින් සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ විස්තර ඉදිරිපත් කිරීම ආරම්භ කලේ මීට වසර 45කට පෙරය. වසර 1971 දී ඔහු ලියූ ‘වෛද්‍යවරයෙක් කථා කරයි’ නම් ග්‍රන්ථයට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් පිරිනැමුණි. එය පාසල් පුස්තකාල පොතක් ලෙස ද අනුමත කෙරුණි. වසර 1992 දී පිළිස්සුම් වැළැක්වීමට ඔහු ආරම්භ කළ ‘ආරක්ෂිත කුප්පි ලාම්පු ව්‍යාපෘතිය’ අදත් ක්‍රියාත්මකයි.

අනාරක්ෂිත කුප්පි ලාම්පුවලින් වන හානිය නිතර දුටු ඔහු ‘සුදීප’ නම් සරල ආරක්ෂිත කුප්පි ලාම්පුවක් නිර්මාණය කර ඊට අනුකූලව ලාම්පු නිපදවීය. ඒ වෙනුවෙන් තමා දිනූ Rolex, Reader’s Digest, Lindbergh සහ World Challenge යන අන්තර්ජාතික සම්මානවලින් ලැබුණු ත්‍යාග මුදල්වලට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මුදලින් ඔහු ‘සුදීප’ ලාම්පු 800000 ක් බෙදා හැර ඇත. BBC සහ CNN යන නාලිකාවලත්, TIME, Newsweek, Science And Nature සහ Geographic වැනි සඟරා ගණනාවකත් ඒ ගැන විස්තර ඇතුළත් වූ අතර, එය මෙතෙක් වැඩිපුරම අන්තර්ජාතික ඇගයීම ලද ලාංකික ව්‍යාපෘතිය බව පෙනේ.

රිය අනතුරු, දියේ ගිලීම්, විෂවීම්, සර්ප දෂ්ට කිරීම්, බල්ලන් සපාකෑම්, ස්වභාවික ආපදා, සහ සියදිවි නසා ගැනීම් ආදිය ගැනද ඔහු පුළුල් අධ්‍යයනයක් කළේය. මෙම ග්‍රන්ථයත්, ජිනීවා සහ මැනිලා නගරවල අනතුරු වැළැක්වීම සම්බන්ධව පැවැත්වුණු වැඩමුළු දෙකකට සහභාගී වීමට ආරාධනා ලැබීමත් එහි ප්‍රතිඵලයි. පිලිස්සුම් සම්බන්ධව රටවල් 13කත්, අනතුරු අතුරෙන් දෙවැනි ස්ථානය ගන්නා දියේ ගිලීම් වැළික්වීම ගැන වියට්නාමයේ පැවැත්වුණු ලෝක සම්මේලනයේදීත් ඔහු දේශන ඉදිරිපත් කර ඇත. අබුඩාබි හි පැවැත්වුණු ‘Festival Of Thinkers’ සහ තායිලන්තයේ පැවැත්වුණු ‘World Scholars’ Leadership Symposium’ යන සම්මේලනවලටද දේශකයෙකු ලෙස විජය ගොඩකුඹුර මහතා ආරාධනා ලැබුවේය.

මෙහි එක් එක් පරිච්ඡේදය අවසාන වන්නේ එම අනතුරු වැළැක්වීමට ගත යුතු පැහැදිලි උපදෙස් මාලාවකිනි. එමඟින් ඔබ ඔබේ දරුවන් අනතුරුවලින් රැක ගතහොත් ඔහුගේ වෑයම සාර්ථක වූවා වනු ඇත.

ISBN
9789556715767
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අනතුරුවලින් ඔබේ දරුවා රැකගන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.