Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / ගනුදෙනුකාර සත්කාරය

ගනුදෙනුකාර සත්කාරය

About this book

ගනුදෙනුකාර සත්කාරය අලෙවිකරණය පිළිබඳව ලියැවෙන කෘතින්හි සාමාන්‍යයෙන් සංකල්ප දෙකක් සම්බන්ධව කරුණු දැක්වේ. ඒ සංකල්ප වන්නේ නිපුණතාව/ කුසලතාව (SKILL)) හා ලැදියාව (CARE) යි. මෙම සංකල්ප දෙක අතරින් වැඩි වශයෙන් පොත පත පළ වී ඇත්තේ නිපුණතාව/ කුසලතාව මෙන්ම වරදගත්, එහෙත් වඩාත් සංවේදීයැයි සැලකිය හැකි ලැදියාව නොහොත් ගනුදෙනුකරුට දැක්විය යුතු ළෙන්ගතු කම නැමැති සංකල්පය සිංහලෙන් ලියැවී ඇත්තේ අල්ප වශයෙනි. එනිසා මෙම විෂය පිළිබඳව, බැංකු සේවා සැපයුම්කරණයෙහි නියුක්ත සේවකයනට මඟ පෙන්වීමක් වශයෙන් පොතක් එළිදැක්වීම ඉතා වැදගත් කරුණක් ලෙස සළකමි. එය කාලීන අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීමක් ද වෙයි.

කළමනාකරණ විෂයය පිළිබඳ මෑත යුගයේ ලියැවෙන සිංහල පොත පතෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඉංග්‍රීසි ලේඛකයන්ගේ අදහස් සහ ප්‍රකාශන බව නොරහසකි. නමුත් ජිනදාසයන්ගේ මෙම කුඩා කෘතියෙහි ඉංග්‍රීසි පොත පතට වහල් නොවී ශ්‍රී ලංකාවට ආවේණික වෘතාන්ත හා පෙරදිග සංස්කෘතියෙන් උකහා ගත් මන බඳින උපහැරණ ගෙන හැර දක්වමින්, ගනුදෙනුකාර සත්කාරය නැමැති සංකල්පය රස පූර්ණ ලෙස විස්තර කරයි…..

…...බැංකු සේවා වෘත්තිය තමාගේ එකම වෘත්තිය බවට සලකා ජීවත් වීමට අදහස් කරන සෑම තරුණ තරුණියක්ම ගනුදෙනුකාර සත්කාරය පිළිබඳව ලියවී ඇති මෙම අගනා ග්‍රන්ථය කියවිය යුතු යයි හඟිමි. මෙබඳු විශේෂ කාර්යයක් ඉටු කිරීමට පෙළඹීම සම්බන්ධයෙන් ප්‍රවීණ බැංකුකරුවන් සැම දෙන ජිනදාසයන්ට කෘතඥ විය යුතු ය.

රවීන්ද්‍ර මොල්ලිගොඩ නීතිඥ, ලන්ඩන් බැංකුකරුවන්ගේ ආයතනයේ සම්මාන සාමාජික

FCIB (London), LL.B (Colombo) Attorney at Law

Details
ISBN
9789556563429
පිටු ගණන (Pages)
82
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. sandaru
    excellent
    Pasan ·
Write a review

You're reviewing: ගනුදෙනුකාර සත්කාරය

Reviews are published once a member of our team has read them.