අඳ වාදකයා - කැනොල් ප්‍රකාශන Hard Bind
ව්ලදිමීර් ගලක්තියෝනොවිච් කරලෙන්කෝ (1853-1921) දහනව වැනි සියවස අවසානයේ දී සහ විසිවැනි සියවස මුල දී පැවැති සාහිත්‍යයේ සම්භාවනීය නියෝජිතයෙකි. ඔහු තොල්ස්ටෝයි සහ චේකොව්ගේ සමකාලීනයකු වූයේ ය. නිර්ධන පංතියේ මහා ගත්කරුවා වූ මක්සීම්
ගෝර්කිගේ පළමුවැනි ගුරුවරයා වූයේ ද ඔහු ය. කුසලතාවයෙන් හෙබි ගත්කරුවකු වූ කරලෙකෝ සිය සාහිත්‍ය නිර්මාණයේ මුල් කාලයේ සිට ම සමකාලීනයින් තමා වෙත ඇද ගැනීමෙහි සමත් විය. ඔහුගේ සාහිත්‍ය සටහන්, ලිපි, කෙටිකතා සහ නවකතා ඉක්මනින් ම රුසියානු සාහිත්‍යයේ වටිනා දායාදයක් බවට පත් වූයේ, එතෙර රටවල ද ප්‍රසිද්ධියක් ලැබී ය.
කරලෙන්කෝගේ සාහිත්‍ය කෘතීන් අතුරෙන් අතිශයින්ම ප්‍රසිද්ධ නවකතාවක් වූ අඳ වාදකයා ලියා නිම කිරීම පිණිස ඔහුට දහතුන් වසරක් අවශ්‍ය විය. 1885 දී ඔහු එම කතාව ලිවීමට පටන් ගත් අතර එය 1886 රුස්කියෙ වේදමස්ති’ නමැති රුසියානු පුවත්පතේ පළ කළේ ය. කතුවරයාගේ ජීවන කාලය තුළ දී එය පහළොස් වාරයකටත් වඩා පළ විණි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
Great Book..මෙය ප්‍රගති - Pragathi ප්‍රකාශනය පිළිබඳ විචාරයකිගොඩක් ආදර්ශමත් කතාවක්.ජීවිතේට ලබා ගන්න දේවල් ගොඩක් මේ පොතේ තියෙනවා.උපතින්ම අන්ද පුද්ගලයකු ලොකය දකින හැටි කරලෙන්කො හොඳට අද්‍යනය කරලා තියෙනවා.