සන්ථව කාව්‍ය රත්නාවලී 07 - අන්දරේගේ කවි කතා
About this book
ශ්‍රී ලාංකේය රජ වාසලට මෙන් ම, කුදු මහත් ප්‍රජාවකට ද හාස්‍ය රසය සම්පාදනය කළ “අන්දරේ” නම් සුප්‍රකට චරිතය දිවයින පුරා ප්‍රචලිතව ඇත්තේ සරළ, සැහැල්ලු, ප්‍රියවාදී කෙනෙකු වශයෙනි. ඔහුගේ ජීවන තොරතුරු මෙන් ම ජීවත් වූ කාලය පිළිබඳව ද නිශ්චිත තොරතුරු සොයා ගැනීම අපහසු වී ඇත්තේ බොහෝ විට ජනශ්‍රැතීන් හි කාල නිර්ණය කිරීම අපහසු බැවිනි.
එහෙත් සුදම් විකුම් ගල්හේන නම් තරුණ ලේඛකයා එකී දුෂ්කර කාර්යයට මුහුණ දෙමින් අන්දරේ පිළිබඳ නිශ්චිත ඓතිහාසික හා සාහිත්යික තොරතුරු විවිධ මූලාශ්‍ර ඇසුරින් එක්තැන් කොට එළි දක්වන “අන්දරේගේ කවි කතා” කෘතිය පොදු පාඨක ප්‍රජාවට මහත් ප්‍රයෝජනයකි.
අන්දරේගෙ ජීවන තොරතුරු පමණක් නොව, ඔහු හා අදාල විවිධ රස කතා මෙන්ම ඔහු නිර්මාණය කළා සේ සැලැකෙන ජන නාව්‍යාවලියද ගල්හේනගේ සැළකිල්ලට ලක් වේ. එකී තොරතුරු රැස් කරන්නට පමණක් නොව ඒවා සරළ බසකින් ලේඛණගත කරන්නට ඔහු මේ කෘතියේ දී සමත් ව ඇත.
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
Details
ISBN
9789550980727
පිටු ගණන (Pages)
132
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review