ඇන්ස්ලම් - උරග සනුහරේ ක්ෂිරපායී ප්‍රේමවන්තයා
About this book
සර්පයන් කටුස්සන් හෝ ගෙම්බන්, මිනිසුන් තුළ ප්‍රියජනක හැඟුම් දනවන්නේ නැත. 'ඔයා මෙයා' කියමින් ඔවුන්ට ඇඟෑලුම්කම් පාන වඩාගෙන සුරතල් කරන, විකාර පැවතුම් ඇති මිනිසකුට අත් වන්නේද ඒ ඉරණමමය. ඒ මිනිසා ලෝ පතළ උරග හා උභයජීවී විද්‍යාඥයකු වුවද එහි වෙනසක් වෙතැයි සිතීම උගහටය.
එහෙත්, මේ කෘතියෙහි කථානායකයා වූ ඇන්ස්ලම් ද සිල්වාණන් සම්බන්ධයෙන් ජන සමාජයෙහි ප්‍රතිචාරය, ආශ්චර්යමත් ලෙස ඊට ඉඳුරාම පටහැනි විය. විස්මයෙන්ද, ත්‍රාසයෙන් හා වීරත්වයෙන්ද, හාස්‍යෙයන්ද පිරුණු මායා ප්‍රබන්ධයක ඊළඟ පරිච්ඡේදය කෙබඳු වනු ඇත්දැයි කුහුලින් පසුවන්නාක් මෙන්, සුවිසල් පාඨක සමූහයක් සතියක් පාසා ඔහු ගැන අප්‍රමාණ නොඉවසිල්ලකින් පසු වූ සමයක් තිබිණි. වැඩි ඈතක නොව 'රැස' නම් වූ 'මහගෙදර තරුණ කැරැල්ලේ' හිස ගසා දමන්නට පෙර 2019 වසරේදීය.
මේ ආශ්චර්යය කළේ, සරසවියේ අවසන් අධ්‍යයන වසරේදී සිය පළමු රැකියාව ලෙස ජනමාධ්‍ය වෘත්තියට පිළිපන් නදී මාණීක්කගේ නම් ලේඛිකාවයි. තොරතුරු ගවේෂණයෙහි නිපුණත්වයද, මානව සබඳතා විෂයෙහි බුහුටිකමද, නිර්මාණාත්ම ලේඛන කුසලතාවද, අරමුණ උදෙසා කැපවීමේ ගුණය හා සංස්කරණ පරිචයද මේ විස්කම සදහා ඇය උපයෝගි කරගත් මායාවී මෙවලම්ය.
චරිතාපදාන රචනා කලාවේ සම්ප්‍රදායික සීමා මායිම් කෙළිලොල් ලෙස බිඳ දමමින් අප්‍රමාණ නිදහසකින් සැරිසරන ඇය, ජනමාධ්‍ය කලාවේ වර්තමානකාලයෙන් කතන්දර කීමේ ගුණයද, සම්මුඛ සාකච්ඡා කලාව, චාරිකා විත්ති රචනය යනාදී පුවත්පත් විශේෂාංගකරණයේ විවිධ ඉසව්වලට අයත් ශිල්පෝපක්‍රමද මෙම වෘතාන්තය ගොඩනැංවීම සදහා නිර්මාණශීලී ලෙස භාවිත කරයි.
ලොවපුරා පර්යේෂණවලින් හෙළි කරගත් උරග සහ උභයජීවී ලෝකයෙහි විස්මිත තතුද, ඇන්ස්ලම් ද සිල්වා නම් ලෝක පූජිත විද්‍යාඥයා එම විෂය සඳහා කළ සම්ප්‍රදානයද ඔහුගේ සමකාලීනයන් හා සිසු පරපුර පිළිබඳ තතුද මෙහි මැනවින් නිරූපිතය. එය එතෙකින් නිම වන්නේ නැත. ජීවිතය යැයි නාමකරණය කළ සුලබ ආකෘතිවලට සරදම් කරන, සාකල්‍යයෙන්ම විකල්ප; අප්‍රමාණ මිනිසෙකුගේ ජීවමාන පිළිරුවක් එමගින් විදාරණය වෙයි. පාඨක හදවත් එය ආදරෙන් වැලඳගනු ඇතැයි සිතමි.
ජයසිරි ජයසේකර
Details
ISBN
9786246202019
පිටු ගණන (Pages)
196
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review