Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අපගාමීත්වය සහ සමාජ පාලනය

අපගාමීත්වය සහ සමාජ පාලනය

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

සමාජ කණ්ඩායම් විසින් එක්තරා ආකාරයක චර්යා සමූහයක් පිළිගනිමින්, තහවුරු කරමින් ස්ථාපිත කරනු ලැබූ විට ඊට පිටින්යන චර්යාවන් නිරන්තරයෙන් ම අපගාමී ලෙස හැඳින්වීම සිදුවේ. එමෙන්ම එවැනි අනනුකූලිත චර්යාවන්හි යෙදෙන්නන් තම කණ්ඩායමෙන් හෝ සමූහයෙන් පරිබාහිර, පිටස්තර තැනැත්තන් ලෙස සැලකෙයි. මේ අර්ථයෙන් ගත්විට අපගාමීත්වය යනු චර්යාවේ ගුණාත්මක ස්වරූපය මත රඳාපවතින තත්ත්වයකට වඩා අනෙකා විසින් ස්ථාපිත කරනු ලබන නීතීන් හා වාරණයන් මත රඳන්නකි. අපගාමියා යනු අන් කවරෙකුටත් වඩා අපගාමීත්වය නැමැති ලේබලය සාර්ථක ලෙස අනෙකා විසින් අලවනු ලැබීමට භාජනය වූවෙකි. අපගාමී චර්යාව සැබවින් ම අනෙකා ගේ නිර්මාණයකි.

Details
ISBN
9789557861418
පිටු ගණන (Pages)
87
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 1
  1. සමාජ, අපරාධ හා මානව විද්‍යාව ක්ෂේත්‍රයන්ට නව දැනුම් දිය දහරක් වැනි කුඩා කෘතියක් - Deviance and Social Control - Michael S. Bassis / Richard J Gelles / Ann Levine \ අපගාමිත්වය සහ සමාජ පාලනය - අනුවර්තනය : සුධීර ජයවීර / A drizzle to the Sinhalese literature
    ශ්‍රී ලංකාවේ සමාජ, අපරාධ හා මානව විද්‍යාත්මක ක්ෂේත්‍ර වල පවත්නා පර්යේෂණාත්මක දරිද්‍රතාවයට එරෙහිව සුධීර ජයවීර මහතා තම පිටු 87 ක, රු. 200/= ක් වටිනා කෙටි නමුත් වටිනා පර්යේෂණාත්මක කෘතියක් ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කර ඇත.

    මෙම පරිවර්තනය සිදු කර ඇත්තේ එම අරමුණින්ම බව 'අනුවර්තක සටහන්' වල ඇතුළත් වේ.

    අපගාමිත්වය (Deviance) යනු සමාජ පර්යාය තද බල ලෙස බිඳ දැමීමකි.

    අපගාමිත්වය හා බැඳී පවතින සංකල්පයකි, හංවඩුව (Labelling). හංවඩු කිරීමේ න්‍යායන් සැලකීමේදී මේ කරුණ අපගාමිත්වය තීරණය කිරීමෙහි ලා ඉතා වැදගත් වේ.

    සදාචාර ව්‍යවසායකයෝ (Moral Entrepreneurs), හංවඩු ගැසීමේ දේශපාලනය (The politics of Labelling), අපගාමී අනන්‍යතා (Deviant Identities), අපගාමී ප්‍රවහකයෝ (Deviant careers) හා හංවඩුවට එරෙහි ප්‍රතිරෝදය (Resisting Labels) මෙම ග්‍රන්ථයේ සාකච්චාවට ලක්වන සමහර සංකල්ප කිහිපයකි.

    මෙම කෘතියෙහි කතුවරයන් තිදෙනා සහ මෙම කෘතිය වෙනමම කෘතියක් ලෙස අන්තර්ජාලයේ තුළ හඳුනාගත නොහැක. අන්තර්ජාලයේදී අතිවිශාල ග්‍රන්ථයක් ලෙස 'සමාජ විද්‍යාව' යන මැයෙන් මෙය සොයා ගත හැක. පහත දැක්වෙන්නේ එම අන්තර්ජාල අමුණුමයි.

    https://www.amazon.com/Sociology-Introduction-Instructors-Michael-Bassis/dp/0079110320

    මෙම කතෘවරුන් තිදෙනා, මයිකල් එස්. බෙසිස්, රිචර්ඩ් ජේ. ගෙලස් හා ඇන් ලෙවින් බොහෝ විට භාවිත කරන්නේ එක්සත් ජනපදයේ උදාහරණයන් වේ.

    එහි පවතින අපරාධ හා අනෙකුත් සමාජීය අපගාමී තත්ත්වයන් ග්‍රන්ථය පුරාවටම කියවීමට පාඨකයාට ලැබේ. 'ගබ්සාවාදය' ඉන් ප්‍රධාන වේ.

    මෙම කෘතිය සමාජ විද්‍යාව හදාරණ දහස් ගණන් ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම අධ්‍යාපනික සාහිත්‍ය පාඨකයන්ටද නැවුම් කියවීම් අත්දැකීමකි.

    මෙම කෘතිය කියවා උගත් බොහෝ දේ අතරින් පහත දැක්වෙන්නේ මම විසින් ශ්‍රී ලංකාවේ සමාජයේ විශ්ලේෂණයට ගත් සාධක කිහිපයකි.

    (01) මම දන්නා සමහර වෘත්තීයවේදීන් සාහිත්‍යය හා එහි භාවිතය (බොහෝ විට 'කෙටි කතා' සහ 'නවකතා') ඔපදූප සෙවීමක් ලෙස දකී. පවත්නා වෘත්තීය දියුණුව නිසා මෙය සාධාරණිකරණය කළ හැක. මෙවැනි අවස්ථාවල වාණිජ සිනමාව හා සාහිත්‍යය ජයගනී. මේවාට අයත් වන්නේ විද්‍යා ප්‍රබන්ධ, භූත කථා හා රහස් පරීක්ෂක කතාය. මෙවැනි අවස්ථාවලදී ගුණාත්මක නිර්මාණ සිදුකරන සාහිත්‍යකරුවන් අදාළ සමාජ අවශ්‍යතා හා වුවමනා වටහාගත යුතුයි.

    (02) (02.01) R & B (Rhythm and Blues), Hip Hop, Rap, Hard Rock and Metal සංගීතයද යම්කිසි ආකාරයකට සංස්කෘතික ත්‍රස්තවාදී බවක් හෝ ප්‍රථමික අපාගාමීත්වයක් ලෙස දැකිය හැක.

    මන්දයත් ඔවුන් 'අපරාධකාරයකු' / 'Gangster' කෙනෙක් වීම සාධාරණිකරණය කරයි.

    මෙවැනි තත්ත්වයක් ඇමෙරිකා එක්සත් ජනපදය තුළද දැකිය හැක.

    මෙහිදී ප්‍රතිරෝදයක් ද දැකිය හැක. 'උපේක්ශාකරණය' ඉහළින්ම පවතී.

    (02.02) මෙයට වීරෝධයක් හට ගත් විට ද්විතියීක අපගමිත්වයක් හට ගනී. බොහෝ ඇමෙරිකානු මධ්‍යම පන්තික කාන්තාවන් හා මව්වරුන් මෙම නිර්මාණ වලට එරෙහිව කතාකරනවිට ඔවුන් ලබන ජනප්‍රියත්වය මත නිර්මාණ දිගින් දිගටම සිදුකරයි.

    Due to the poverty of research in Sri Lankan Sinhalese literature of Sociology, criminology, and humanities the researcher, writer and translator Mr. Sudheera Jayaweera has translated the research of 87 pages and to a cost of Rs. 200 /= LKR.

    This objective is mentioned in the 'Translators Notes' at the beginning of the book and the research.

    Deviance is the fact or state of diverging from usual or accepted standards, especially in social or sexual behavior.

    Labeling theory is the theory of how the self-identity and behavior of individuals may be determined or influenced by the terms used to describe or classify them. It is associated with the concepts of self-fulfilling prophecy and stereotyping.

    Moral Entrepreneurs, The politics of Labelling, Deviant Identities, Deviant careers, and Resisting Labels are some of the theories and concepts discussed in this book.

    This book is not available separately on the internet but there are a 'Sociology' textbook under the three (03) writers names.

    The link for the book is shared below.

    https://www.amazon.com/Sociology-Introduction-Instructors-Michael-Bassis/dp/0079110320

    The writers Michael S. Bassis, Richard J. Gelles and Ann Levine have only used examples from the United States (US).

    Many social deviances and crimes are available throughout the book. The legal aspects and the impact of abortions are also discussed in the book.

    This is fresh academic research for Sinhalese literature readers and also for thousands of sociology literature readers in Sri Lanka.
    Dimantha ·
Write a review

You're reviewing: අපගාමීත්වය සහ සමාජ පාලනය

Reviews are published once a member of our team has read them.