Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / අපට කෙළවුණේ ඇයි?

අපට කෙළවුණේ ඇයි?

About this book

මුල සිට අගටත් අග සිට මුලටත් ආරෝහණ අවරෝහණ ක්‍රමයට ප්‍රත්‍යවේක්ෂා කරන විට අපට වෙච්ච දේ ගැන කලකිරීමක්, අසහනයක් ඇතිවෙයි. වසර 70ක් පමණ, නැතිනම් දශක හතක විමසුම් පිරික්සුම් අත්දැකීම් සමාජ සංස්කෘතික, දේශපාලනික, ආර්ථික සන්දර්භය ගැන වැටහෙන නුවණින් ක්‍රියා කළ ප්‍රේම් දිසානායක නොකැළැල්, නොවක් සිතුවිල්ලෙන් 'අපට කෙළ වුණේ ඇයි?' යන පොත රචනා කොට ශ්‍රී ලාංකික පාඨක සමාජයට ඉදිර්පත් කරනුයේ පටු ලාභ අරමුණු - පරමාර්ථ සාධනය කර ගැනීමට නොවෙයි.

‛රස ලෙස කීමට වඩා යස ලෙස කිරීම හොඳලු” Better to act well than to speak sweetly යන්න අපේ පැරැණි කියමනකි.

පීඩිත ජනයා වෙනුවෙන් සටන් කිරීම හොඳ මානව භක්තිය ඇති ලේඛකයකුගේ යුතුකමකි. පීඩිත ජනයා රැක ගැනීම සඳහා ආණ්ඩුකාරයන්, නිලධාරීන්, ධනවතුන් ඇතුළු ප්‍රජා පීඩකයන් නිර්භය ලෙස විවේචනය කළ යුතුය.

ප්‍රේම් දිසානායක නම් සංවේදී, ගුණ නුවණැති පුරවැසියා මේ පොතෙන් සිදු කොට ඇත්තේ එබඳු සමාජ සත්කාරයකි. ප්‍රජාචාරයකි.

“සූර ලේඛකයා අතෙහිදී භාෂාව ඉතා තියුණු අවියක් වෙයි. වියරණය වූ කලී ඒ අවියෙන් හරඹ කොට තමාගේ අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීම සඳහා ලේඛකයාට උපකාර වන විධි සමූහයකි. අනිත් හැම විධි, සිරිත්, නීති මෙන් වියරණ රීති ද මනුෂ්‍යයා තමාගේ වුවමනාවන් අනුව වෙනස් කරයි. ඉවත දමයි. බිඳියි. වියරණය ධාතු කරඬුවක් නොව අප එකිනෙකාගේ වුවමනාවන් අනුව නැමිය යුතු, තැලිය යුතු, බිඳිය යුතු උපකරණයකි.” වසර 75කට පෙර මාර්ටින් වික්‍රමසිංහ මහ ගත්කතුවරයාණෝ පැවසූහ.

ඒ අනුව මේ පොත කියවා බලා පැත්තකට දැමීමට නොවේ, තමන්ගේ යුතුකම, වගකීම යථාවාදීව තථාකාරීව ක්‍රියාත්මක කළා දැයි හිතාමතා වැඩ කටයුතු කිරීම සඳහා මේ මොහොත බව දැන ගැනීමටයි. නිදන්නට අවදිවී වැඩ කිරීමටයි.

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ISBN
9786242042374
පිටු ගණන (Pages)
129
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අපට කෙළවුණේ ඇයි?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.