ප්‍රේම පුරාණය
යම් යුගයක ඉතිහාසය පිළිබඳව අපට දැනගත හැක්කේ ඉතිහාස පොත්වලින් පමණක් නොවේ. ඉතිහාස පොත්වලත් ඇත්තේ ප්‍රබන්ධ හෙවත් කතුවරයාට අභිමත කතා බව නූතන විචාරකයින් පෙන්වා දී තිබේ. ඒ නයින් බලන කල ජීවිත කතා ද එකී යුගය නිරූපණය කිරීමට අපට වටිනා පිටුවහලක් සපයයි. ප්‍රේම් දිසානායක 70 ගණන්වල අග භාගයේ සිට වර්තමානය දක්වා සංස්කෘතික ලෝකයේ වැදගත් භූමිකාවක් රඟ දැක්වූ චරිතයකි. මෙම කාලය තුළ ඔහු අප නූතන සංස්කෘතියට එක්වුණු සිනමාව, සංගීතය, නාට්‍යය, පුවත්පත්, සඟරා සහ පොත් ප්‍රකාශනය දියුණු කිරීමට වටිනා සේවයක් කළේය. ඔහු ඒ සෑම ක්‍ෂේත්‍රයටම ඔහුගේ කලාත්මක හා සාහිත්‍ය දැනුම ප්‍රායෝගිකව මැදිහත් කළේය. කලක් ඔහු සමඟ ළඟින් ඇසුරු කළ කෙනෙක් හැටියට එකී හැකියාවන් මම හොඳින් දනිමි.
ප්‍රේම් මැදිහත් වී ආලෝකවත් කළ එම කලා යුගය අවබෝධ කර ගැනීමට අවශ්‍ය විචාරක මෙවලම් සකස් වී නැති බව මගේ මතයයි. ඔහු කතුවරයා වූ 'විචිත්‍ර', කලා පුවත්පත තුළින් මුලින් ඉදිරිපත් කළ ‛ජනප්‍රිය සංස්කෘතිය' පිළිබඳ සංකල්පයද එවන් මෙවලමකි. මේ ග්‍රන්ථයේ පළකරනු ලබන ජෝතිපාල ගැන ලියන ලද ඔහුගේ හා මගේ ලිපි එම සංකල්පය දියත් කිරීමට බෙහෙවින් ඉවහල් විය.
වැදගත් මෙන්ම අනුස්මරණය කළ යුතු එම යුගයේ ප්‍රධාන චරිත, ඔවුන්ගේ ගති පැවතුම්, ආකර්ෂණීය විවිධ අත්දැකීම්, මනා ලෙස ඉදිරිපත් කරන මේ ග්‍රන්ථය, අපට අමතක වීගෙන යන එම යුගය කෙරෙහි නැවතත් අවධානය යොමු කරමින්, ඒ 'කලා වසන්තය' සැමරීම ගැන ප්‍රේම්ට අපගේ කෘතඥතාවය හිමිවිය යුතුය.
- ආචාර්ය සරත් අමුණුගම
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.