ඇපල් ගෙඩි තුනක් අහසින් වැටුණා
ආමේනියාවේ, ඈත එපිට කඳුකරයේ පිහිටි මරාන්
ගම්මානය, සෙසු ලෝකය හා සම්බන්ධ වන්නේ ඉපැරණි
විදුලි පණිවිඩ රැහැනකින්, සතියකට වතාවක් පැමිණෙන
තැපැල්කරුවකුගෙන් හා එළුවන් පවා තරණය කරන්නට
අදිමදි කරන නිතර හිමෙන් වැසී යන අනතුරුදායක
කඳුකර මගකින් පමණි.
ගම්මානයේ කෙමෙන් වියපත් වන ගම්මු හිමපතනය,
භූමිකම්පා, කෘමි වසංගත, සාගතය හා යුද්ධය හමුවේ ර්
සියල්ල නිහඬව දරා ගනිමින්, තමන්ගේ පැරණි විශ්වාස,
ඇදහිලි හා සිහින සමග දිවි ගෙවති. ඒ දොම්නස හා
සතුට එකට මුසු වූ අපූරු දිවිසැරියකි. එහෙත්, මේ කටුක
පරිසරය මැද වුව, අපේක්ෂාවේ ප්‍රාර්ථනා රඳවාගත හැකි
බව ඇනටෝලියා සෙවොයාන්ට්ස් හා වැසිලි කුදමාන්ට්ස්
නම් වියපත් යුවළ සනාථ කරති.
ආමේනියානු ප්‍රභවයක් සහිත රුසියානු ලේඛිකාවක වන
narine-abgaryanගේ මේ පොත මුල්වරට පළවන්නේ
2016 දීය. අතිශයින් ජනප්‍රිය නිර්මාණයක් බවට පත්වූ මේ
පොතට, මහ ගත්කරු ටෝල්ස්ටෝයි සම්ප්‍රදාය අනුගමනය
කරනා කෘතිවලට පිරිනැමෙන යස්නායා පොල්යානා
ත්‍යාගය මෙන්ම PEN English Award සම්මානයද
පිරිනැමුණේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.