ඇරිගෝ - මල කෑ පිහියෙන් සැත්කම් කල ජීවකයා
“…වර්ෂ කිහිපයකට පෙර, මෙවැනි විස්මයජනක පුද්ගලයන්ගේ
වික්‍රමයන් විද්‍යාත්මකව පුහුණු වූවන්ගේ අවඥාවට ලක් විය.
කෙසේවුව ද, දැන් අධිමානසික විද්‍යා සුව කිරීම් යැයි කියනු
ලබන දේවල් හා වෛද්‍ය විද්‍යාලවල නූගන්වන වෙනත් ක්‍රම
දෙස බොහෝ වෛද්‍ය පර්යේෂකයෝ විවෘත මනසකින්
යුතු ව බලති”
- ටයිම් සඟරාව (16-10-1972)
බ්‍රසීලයේ කොන්ගොනාස් දො කැම්පෝ නම් ග්‍රාමයක විසූ සෙ ඇරිගෝ නම් අපූර්ව මිනිසාගේ වික්‍රමයන් ගැන තොරතුරු මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වෙයි. වෛද්‍ය ෆ්රීට්ස් නම් මියගිය ජර්මානු වෛද්‍යවරයකුගේ ආත්මය ආවේශ වීමෙන් පසු විවිධ රෝගාබාධයන්ගෙන් පීඩා විඳි සහ වෛද්‍යවරුන් විසින් බලාපොරාත්තු තැබිය නොහැකි ලෙස සලකා අත්හැර දමනු ලැබූ රෝගීන්ට එම රෝගී තත්ත්වයන්ගෙන් මිදීමට ඔහුගෙන් ලද ප්‍රතිකාර ඉවහල් විය. කිසිදු වෛද්‍ය අධ්‍යාපනයක් නොලද ඔහු, කිසිදු මුදලක් අය නොකරමින්, රෝගීන් නිර්වින්දනය කිරීමකින් හා විෂබීජ නාශනයකින් තොරව, නිවසේ භාවිත කරන පිහිවලින් ඇසේ සුද ඉවත්කිරීම, දරුණු පිළිකා ඉවත් කරමින් ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි, මරණාසන්න රෝගීන් බේරා ගත් ආකාරය හා සංකීර්ණ බෙහෙත් නිර්දේශ මගින් ඔවුන්ගේ ලෙඩ රෝග සුව කිරීම විස්මයජනක විය. මෙහි ඇති අපූර්වත්වය නම් ඔහු මෙම ප්‍රතිකාර රාශියක් සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගේ දැඩි සුපරික්ෂාකාරීත්වය යටතේ සිදු කිරීම යි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.