Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මගේ අරගලය - ඉන්දික පෙරේරා

මගේ අරගලය - ඉන්දික පෙරේරා

ප්‍රකාශක (Publisher): Watermark Books
About this book

ඉන්දියානු සම්භවයක් ඇති දකුණු අප්‍රිකානු ජාතික ප්‍රිසිල්ලා ජානා යනු නිකම්ම නිකම් ගැහැනියක නොවේ. එසේම දකුණු අප්‍රිකාවේ කීර්තිමත්ම මානව හිමිකම් ක්‍රියාකාරිනිය පමණක් ද නොවේ. ඇය නිදහස් අරගලයේදී නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වය යටතේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ කුප්‍රකට 'රහස් කවයේ’ එකම කාන්තා සාමාජිකාවක ද වූවාය. වෘත්තීයෙන් නීතීඥවරියක වූ ප්‍රිසිල්ලා සුදු ජාතික සුළුතර වර්ණවාදී ආණ්ඩුව ප්‍රසිද්ධියේම අභියෝගයට ලක් කළාය. ඒ නිසා සුදු පාලක ආණ්ඩුවේ බරපතල විරෝධයට ලක් වූවත් ආණ්ඩුවේ මර්දනයට නිර්භීත ලෙස මුහුණ දෙමින් සිය වෘත්තීය සහාය අවශ්‍යව සිටි සෑම ක්‍රියාකාරිකයෙකුටම උපකාර කළාය. එසේම පළිගැනිමේ චේතනාවෙන්ම මැන්ඩෙලා ඇතුළු දේශපාලන ක්‍රියාදරයන් රැසක් රඳවා සිටි රොබෙන් දූපත් සිරකඳවුරේ සියළුම දේශපාලන සිරකරුවන්ගේ එකම නීතීඥවරිය ද වූවාය.

නිදහස් අරගලයෙන් පසුව දකුණු අප්‍රිකාවේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙසත්, දකුණු අප්‍රිකාවේ යුක්තිය බලගැන්වීම පිළිබඳ කමිටුවේ උප ප්‍රධානියා ලෙසත් කටයුතු කළාය. එය නව ප්‍රජාතන්ත්‍රවාදී දකුණු අප්‍රිකාවේ ගෞරවණීයම තනතුරක් ලෙස අදටත් සලකනු ලැබේ.

ප්‍රිසිල්ලා සිය අරගල ජීවිතයේ ලද අත්දැකීම් අලලා 2016 වර්ෂයේදී ආන්දෝලනාත්මක ස්වයං චරිතාපදානය FIGHTING FOR MANDELA රචනා කොට තැබුවාය. මේ එහි සිංහල පරිවර්තනයයි.

ISBN
9786245696024
පිටු ගණන (Pages)
378
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගේ අරගලය - ඉන්දික පෙරේරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.