Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මනෝ විද්‍යාව / අසාමාන්‍ය මනෝවිද්‍යාව

අසාමාන්‍ය මනෝවිද්‍යාව

About this book

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානසික සෞඛ්‍ය සේවාවන් සංවර්ධනය කිරීම සඳහා නිර්දේශ දහයක් ඉදිරිපත් කර ඇත. ඉන් එක් නිර්දේශයක් වනුයේ මහජන අධ්‍යාපනයයි. අද ශ්‍රී ලාංකිකයන්ගේ "මානසික සෞඛ්‍ය සාක්ෂරතාව" පහළ මට්ටමක පවතියි. "මානසික සෞඛ්‍ය සාක්ෂරතාව" අවම වීම හේතුවෙන් මානසික අක්‍රමිකතා හඳුනා ගැනීම ප්‍රමාද වීම, මානසික අක්‍රමිකතා සඳහා නිසි ප්‍රතිකාර නො ගැනීම, මානසික අක්‍රමිකතා පිළිබඳ මිත්‍යා මත හා වැරදි වැටහීම් පැවතීම, මානසික අක්‍රමිකතා සහිත පුද්ගලයන්ව වෙනස් කොට සැලකීම ආදිය නිරන්තරයෙන්ම සමාජය තුළ සිදුවෙයි. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් බොහෝ අර්බුද පවා පැන නැගී ඇත. කෝන්කඳවල විමලධම්ම හිමියන් විසින් සිංහල භාෂාවෙන් විරචිත "අසාමාන්‍ය මනෝවිද්‍යාව" නමැති මෙම ග්‍රන්ථය ශ්‍රී ලාංකිකයන්ගේ "මානසික සෞඛ්‍ය සාක්ෂරතාව" ඉහළ දැමීම සඳහා ගෙන ඇති වැදගත් පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය. 

"අසාමාන්‍ය මනෝවිද්‍යාව" නමැති මෙම ග්‍රන්ථයෙහි එම විෂයට අදාළ සියලු ම මාතෘකාවන් ආවරණය කර ඇත. අසාමාන්‍ය මනෝවිද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත් පොදුවේ මානසික සෞඛ්‍යය පිළිබඳ ව උනන්දුවක් දක්වන සියලුම දෙනාටත් අතිශයින් වැදගත් ග්‍රන්ථයක් ලෙස මෙම ග්‍රන්ථය නිර්දේශ කරමි.

 

වෛද්‍ය නීල් ප්‍රනාන්දු,

මනෝවෛද්‍ය විශේෂඥ,

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය‍,

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය.

 

ISBN
9789553079053
පිටු ගණන (Pages)
672
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසාමාන්‍ය මනෝවිද්‍යාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.