Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / අසමසම ජීවිතයක්

අසමසම ජීවිතයක්

About this book

කාලය යනු මුදල් නොවේ. කාලය යනු ජීවිතයයි!

"ඔබේ ජීවිතයේ වටිනාම දින දෙකක් පවතී. පළමුවැන්න ඔබ ඉපදුනු දිනයයි. දෙවැන්න නම් ඉපදුනේ ඇයි ද යන්න ඔබ වටහා ගත් දිනයයි” (The two most important days in your life are the day you are born and the day you find out why”) ලෝක ප්‍රකට ඇමරිකානු ලේඛක මාට්වේන් කීවේය.

ජීවත් වන්නට අපට ඇති ප්‍රධානතම පෙළඹීම විය යුත්තේ ජීවිතය විසින් අපෙන් බලාපොරොත්තු වනු ලබන අරමුණ සොයා යාමය. ඒ අරමුණ සොයා ගැනීමේ පූර්ණ නිදහස ඇත්තේ අප සතුවය. එබැවින් අපේ ජීවිතවල තේරුම කුමක්දැයි ප්‍රශ්න කිරීමෙන් පලක් නැත. ඒ වෙනුවට දවසින් දවස, හෝරාවෙන් හෝරාවට සිහිපත් කළ යුත්තේ ජීවිතය විසින් ඒ ප්‍රශ්න කිරීම අපෙන් කරනු ලබන බවය.

මතු යම් දිනයක දී බොහෝ දෙනෙකුට ඔබ මතකයක් පමණක්ම වනු ඇත්තේය. ඒ මතකය ආදරණීය මතකයක් බවට පත් කරගන්නට උත්සාහ ගන්න. එවන් ආදරණීය මතකයක් ඉතිරි කළ හැකි වන්නේ යහපත් මිනිසෙකු ඔබ තුළින් නිර්මාණය කර ගැනීමෙනි.

මෙම කෘතිය ඊට අත්වැලක් සපයන්නේය.

Details
ISBN
9786245677139
පිටු ගණන (Pages)
451
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Great book... Highly recommend...
    Great book, No words... Honestly; the best book that I have read recently with no doubt.. Huge respect for Mr. Saman Kaluarachchi...
    Hirusha Dilmi ·
Write a review

You're reviewing: අසමසම ජීවිතයක්

Reviews are published once a member of our team has read them.