Back to Top
ඇස්බැන්දුම
Special Price
රු. 810.00
Regular Price
රු. 900.00
In stock
SKU
asbanduma-jayakodi-senevirathna-dayawansha
| Author | ජයකොඩි සෙනෙවිරත්න - Jayakodi Senevirathne (72) |
|---|---|
| Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (653) |
‘ඇස්බැන්දුම’ යටත් විජිත යුගයෙහි සාම්ප්‍රදායික සිංහල සමාජයේ පැවැති මුහුණුවර ක්‍රමයෙන් වෙනස් වූ අයුරු තේමා කරගෙන ජයකොඩි සෙනෙවිරත්න විසින් ලියන ලද ‘කොලනිය’, ‘අතවැසියෝ’, ‘සුදු රූකඩ’ යන නවකතාවල අවසාන පුරුක වේ.
ඉංග්‍රීසීන් මෙරට පාලනය කළ අවදියේ සිට නිදහස ලැබුණු මුල් වනවානුව දක්වා, (1934 - 1956) දෙවිසි වසරක කාල පරාසයක් තුළ සිදු වූ දේශපාලන, ආර්ථික හා සමාජයීය වෙනස්කම් ඉතා රසවත් අයුරින් පාඨකයා වෙත ගෙන ඒමට ‘ඇස්බැන්දුම’ නවකතාව තුළින් ද ජයකොඩි සෙනෙවිරත්න සාර්ථක උත්සාහයක් ගෙන ඇති බව සඳහන් කිරීම අසාධාරණ නොවේ.
‘ඇස්බැන්දුම’ තුළ කාලානුරූපව මුහුකුරා යන සීතාගේ හා චන්දරේගේ ප්‍රේම සම්බන්ධය, ‘කොලනිය’, ‘අතවැසියෝ’ හා ‘සුදු රූකඩ’ තුළින් ගලා ගිය යසෝ හා සිරිපාලගේ ආදර අන්දරයට හාත් පසින්ම වෙනස් මහුණුවරකින් ගෙන ඇත. එය නවකතාවට අමුතු ආලෝකයක් හා හරයක් මුසු කරන රස දහරාවක් මෙන් මුල සිට අගටම ගලා යයි.
ඓතිහාසික නවකතාවක් වශයෙන් ද අගය කළ හැකි මෙම නවකතාව තුළින් වත්මන් පාඨකයිනට ශ්‍රී ලංකා ඉතිහාසයේ මෑත භාගයේ පැවැති දේශපාලන, ආර්ථික හා සමාජ වාතාවරණය පිළිබඳව මනා අවාබෝධයක් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකි බව ද සඳහන් කළ හැකියි.
මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේ
| ISBN | 9789556860023 |
|---|---|
| පිටු ගණන | 243 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




