Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇස්බැන්දුම

ඇස්බැන්දුම

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
‘ඇස්බැන්දුම’ යටත් විජිත යුගයෙහි සාම්ප්‍රදායික සිංහල සමාජයේ පැවැති මුහුණුවර ක්‍රමයෙන් වෙනස් වූ අයුරු තේමා කරගෙන ජයකොඩි සෙනෙවිරත්න විසින් ලියන ලද ‘කොලනිය’, ‘අතවැසියෝ’, ‘සුදු රූකඩ’ යන නවකතාවල අවසාන පුරුක වේ. ඉංග්‍රීසීන් මෙරට පාලනය කළ අවදියේ සිට නිදහස ලැබුණු මුල් වනවානුව දක්වා, (1934 - 1956) දෙවිසි වසරක කාල පරාසයක් තුළ සිදු වූ දේශපාලන, ආර්ථික හා සමාජයීය වෙනස්කම් ඉතා රසවත් අයුරින් පාඨකයා වෙත ගෙන ඒමට ‘ඇස්බැන්දුම’ නවකතාව තුළින් ද ජයකොඩි සෙනෙවිරත්න සාර්ථක උත්සාහයක් ගෙන ඇති බව සඳහන් කිරීම අසාධාරණ නොවේ. ‘ඇස්බැන්දුම’ තුළ කාලානුරූපව මුහුකුරා යන සීතාගේ හා චන්දරේගේ ප්‍රේම සම්බන්ධය, ‘කොලනිය’, ‘අතවැසියෝ’ හා ‘සුදු රූකඩ’ තුළින් ගලා ගිය යසෝ හා සිරිපාලගේ ආදර අන්දරයට හාත් පසින්ම වෙනස් මහුණුවරකින් ගෙන ඇත. එය නවකතාවට අමුතු ආලෝකයක් හා හරයක් මුසු කරන රස දහරාවක් මෙන් මුල සිට අගටම ගලා යයි. ඓතිහාසික නවකතාවක් වශයෙන් ද අගය කළ හැකි මෙම නවකතාව තුළින් වත්මන් පාඨකයිනට ශ්‍රී ලංකා ඉතිහාසයේ මෑත භාගයේ පැවැති දේශපාලන, ආර්ථික හා සමාජ වාතාවරණය පිළිබඳව මනා අවාබෝධයක් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකි බව ද සඳහන් කළ හැකියි. මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේ
ISBN
9789556860023
පිටු ගණන (Pages)
243
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇස්බැන්දුම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.