ආසියාවේ ජනකතා
"ආසියාවේ ජනකතා" නම් වූ මෙය E.F. Dodd ගේ ‘Folk Tales from Asia’ නම් කෘතියේ පරිවර්තනයකි. චීනය, ජපානය, තුර්කිය, ටිබෙටය සහ ඉන්දියාව යන රටවලට අයත් ජන සාහිත්‍යයෙන් කතා පහක් තෝරාගෙන මීට ඇතුළත් කොට තිබේ. විශේෂයෙන්ම ඒ කතා ළමා පරපුර ඉලක්ක කොටගෙන රචිත වූ ඒවා වේ.
කියවීම, පරිපූර්ණ වූ සමාජයක් බිහි කිරීමට රුකුලක් වන්නේය. දිනෙන් දින ලොකු කුඩා හැම අයකුම කියවීමෙන් බැහැර වන අද වන් යුගයක කතන්දර මගින් කියවීමට නැඹුරු කිරීම ඉතා පහසුය. ගුණදම් වඩවා ළමා මනස පෝෂණය කිරීම සඳහා සාහිත්‍යය මගින් ඉටු වන මෙහෙය අපරිමිතය. මෙවැනි වූ සරල කතා ඒ සඳහා මග පාදන්නේය. එහිලා ඉතාම සරල මෙන්ම සුගම වූ දෙබස්, සිද්ධි හා අවස්ථා තුළින් මේ කතාවන්හි උපයෝගිතාව වැඩි කෙරේ. සරල ශෛලියකින් ළමා මනසට පහසුවෙන් තේරුම් ගත හැකි වන අයුරින් මේ කතා නිමවා තිබීම ළමයින් තුළ කියවීමෙහි රුචිය වඩවන්නට හේතු වේ.
ඉංග්‍රීසි මුල් කෘතියෙහි දැක්වෙන කතාවන්ට කිසිඳු හානියක් නොවන අයුරින් එහි අඩංගු කතා රසය ඒ ආකාරයෙන්ම සිංහල ළමා පාඨක පිරිසටද ලබා දීම සඳහා මේ පරිවර්තිත පුස්තිකාවේ සාමාර්ථ්‍යතාව තහවුරුව පවතී. තවද මිනිස් ජීවිත සංවර්ධනය වීමට අවශ්‍ය උපදේශයන් ඒ තුළ ගැබ් වීම කෘතියේ වටිනාකම ඉහළ තලයකට ගෙන යයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.