අසිරිමත් කල්තොට
කවිය යනු පාඨකයාගේ පරිකල්පනය හෝ හැඟීම් උද්දීපනය කරන්නට සමත් සාහිත්‍ය ශානරයක්ය. නැතහොත්, කලාත්මක ලිවීමක්ය. කවියා මෙය කරන්නේ භාෂාවේ අරුත, ශබ්දය සහ රිද්මය පරිස්සමින් තෝරා බේරාගෙන සකස් කිරීමෙන්ය. එතැනදි සමහර කවි බෙහෙවින් ම සරල ය. තවත් සමහර කවි ජීවිතය පිළිබඳ යම් සත්‍යයක් ප්‍රකාශ කිරීමට උත්සාහ දරන්නේය.
ඉතා ළදරු වියේදී ම "මිහිර” පත්තරය හරහා කවියට පිවිසි ෂමිලා තුළ කෙමෙන් කෙමෙන් වැඩුණු කවිය පාසල් අවධියේදී ඔපවත් කරගත්තේ විවිධ ජාතික පුවත්පත් පිටු සරසමින්ය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෝලාන මහා විද්‍යාලයෙන් ගණිත ගුරුවරියක වශයෙන් ඇරඹි ඇගේ ගුරු දිවිය විවිධ ප්‍රදේශවල විවිධ පාසල් පසුකර පැමිණ අවසන නැවතුනේ කළුතර උග්ගල්බඩ මහා විද්‍යාලයෙන්ය.
කවිය පමණක් නොව ළමා කතා, කෙටි කතා සහ ගීත රචනා ඈ ක්ෂේත්‍රවල ද හපන්කම් පානා ඇය ‛සිතුවමක් නැති සිත්තරා’ හරහා වර්තමානයේ සමාජ පන්ති ක්‍රමය තුළ පවතින උස්මිටිකම් සහ විඳින විඳවන මිනිසුන්ගේ ජීවන කතාව අලුත් මානයකින් සහෘද රසිකයාට පිළිගන්වන්නට සමත්කම් පා ඇත්තේය.
ලේඛන සමරු
poojya budugala somarathana thero
රු. 270.00
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සිනමාව
දිල්හානි වික්‍රමරත්න
රු. 315.00
වකුගඩු සටන
චන්න සුදත් ජයසුමන
රු. 675.00
අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය සහ ආදාහන මළුව
නිමේෂ සෙනෙවිපාල
රු. 270.00
ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ
මිරැන්ඩෝ ඔබේසේකර
රු. 405.00
සිංහලයේ කලා සම්භවය
රෝහණ පී ප්‍රනාන්දු
රු. 585.00
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.