අසිරිමත් මිහින්තලය
ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේදී මිහිඳු මාහිමිපානන් වහන්සේ විසින් බුදු දහම මෙලකට ගෙන එන ලද්දේ මිහින්තලයෙනි. එබැවින් මෙම ස්ථානය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සළකනු ලැබේ.
බුදු සමය මෙරටට එන කල රාජ්‍යත්වය දරණ ලද්දේ දේවානම් පියතිස්ස රජුය. ඔහුගේ ඇරයුමින් අනුරාධපුරට වැඩම කළ උන් වහන්සේ පසු කලෙක මිහින්තලයටම වැඩි සේක. මිහිඳු හිමිගේ ආයාචනය මත රජු මිහින්තලයෙහි ගල් ලෙන් 68 ක් කටාරම් කොටවා වාසය පිණිස පිළියෙල දුන්නේය.
මිහින්තලය විවිධ රජුන්ගේ නොමඳ අනුග්‍රහයට පාත්‍ර විය. මුල් සියවස්වලදී මහා විහාරවාසී ථේරවාදී භික්ෂූන් සතුව තිබූ මහින්තලයේ බලය ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී අභයගිරිවාසී ධර්ම රුචිකයන් අතට පත් විය.
වසභ ඇතුලු විවිධ රජවරුන් විසින් කළ දාගැබ් විශාල සංඛ්‍යාවක් මිහින්තලයේ වෙයි. මේ අතරින් මහා සෑය, අම්බස්ථල දාගැබ හා කණ්ඨක චේතිය ප්‍රධානය. මිහින්තලයේ ඇති අනෙකුත් කැපී පෙනෙන ස්මාරක නම් දාන ශාලාව හා රෝහලයි. මෙම රෝහල ලොව පැරණිතම රෝහලක් ලෙස සළකනු ලැබේ.
මෙම පූජනීය ස්ථානයට ප්‍රවේශවන ඔබට එහි ඇති පෞරාණික ස්ථාන නැරඹීමට අත්වැලක් සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.