Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / අසිරිමත් හත්ථිකුච්චි විහාරය

අසිරිමත් හත්ථිකුච්චි විහාරය

About this book

හත්ථිකුච්චි යන නම ව්‍යුත්පන්න වී ඇත්තේ ඇත් හෙවත් හත්ථි යන්නත් කුස හෙවත් කුච්චි යන්නත් සන්ධි වීමෙන් විය යුතුය. මෙය යම් තාක් දුරකට සනාථ කෙරෙන ලෙනක් සහිත ගල් කුලක් මෙම භූමියෙහි දකින්නට ලැබෙයි. ඒ අනුව පැරණි මූලාශ්‍රයන්හි ඇත් කුස් වෙහෙර යන්නෙන් දැක්වෙන්නේ මෙම විහාරය විය යුතු ය. මෙම ස්ථානයෙන් ලැබෙන පැරණි සෙල්ලිපි වලද ස්ථානය හඳුන්වා ඇත්තේ හත්ථිකුච්චි යන අර්ථවත් ඇති කුච වෙහෙර යනුවෙනි.

මෙම ස්ථානය මහත් ජන ආකර්ෂණයක් දිනා ගැනීමට එක් හේතුවක් වී ඇත්තේ සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානය මෙය බවට ඇති ජන විශ්වාසය හා ඇතැම් විද්වතුන් දරණ මතය යි.

මෙම විහාරස්ථානය මුලින්ම භික්ෂු වාසය පිණිස පිළියෙල වූයේ ක්‍රිස්තු පූර්ව තෙවන සිය වසත්, ක්‍රිස්තු වර්ෂ පළමු සියවසත් අතර බව මේ ස්ථානයෙන් ලැබෙන පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි සහිත ගල් ලෙන් වලින් සනාථ වෙයි. මෙම ලෙන් ලිපි වලට අතිරේකව ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ නවය සියවස දක්වා කාලයට අයත් ගිරි ලිපි 56 ක් මේ ස්ථානයේ වෙයි.

ප්‍රතිමා ගෘහයක්, වටදා ගෙයක්, උපෝෂථඝරයක්, බෝධිඝරයක් හා ජන්ථාඝරයක් මෙම ස්ථානයේ ඇති විශේෂිත ගොඩනැගිලි අතර වෙයි.

මෙම ග්‍රන්ථයෙහි මුඛ්‍ය අරමුණ වනුයේ මෙම ස්ථානයට යන නොයන ඔබව ස්ථානය පිළිබඳව දැනුම්වත් කිරීමයි.

 

ISBN
9786242010342
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසිරිමත් හත්ථිකුච්චි විහාරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.