Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / අසිරිමත් සිතුල්පව්ව

අසිරිමත් සිතුල්පව්ව

About this book

සිතුල්පව්ව විහාරය අයත් වූයේ පුරාණ රැහුණේ කතරගම ක්‍ෂත්‍රිය රජ පරම්පරාවේ පාලනය යටතේ පැවති වපසරිය තුල ය.

මෙය දිවයිනේ පැරණිතම විහාරයක් වූවා නොව විශාලතම සංඝාරාම අතලොස්සෙන් එකක් ද වූයේය. දෙතිස් ඵල රැහ දෙතිස්ඵල බෝධීන් අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් වූයේද සිතුල්පව්වයි.

මහාවංශයට අනුව සිතුල්පව්ව විහාරය කරවන ලද්දේ රැහුණේ පාලකයාව සිටි කාවන්තිස්සයි. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේදී රජ පැමිණි වලගම්බා සමයේදී මෙහි භික්ෂූන් වහන්සේලා 12,000 ක් වැඩ විසූ බව පැරණි මූලාශ්‍රවල සඳහන් වෙයි. දුටුගැමුණු රජුගේ දශමහා යොධයන් අතරින් සිව් දෙනෙකු විසින් මහා සංඝයා විශයෙහි පිදූ ගල් ලෙන් මෙම ස්ථානයේ දක්නට ලැබෙයි. සද්ධාතිස්ස, ලජ්ජිතිස්ස, ඉලනාග, ගජබා මෙම ස්ථානයට අනුග්‍රහය දැක්වූ රජුන් අතර වූ බවට සාධක සෙල් ලිපි වලින් අනාවරණය වෙයි. අනුරාධපුර අවධියෙන් පසුව මෙම ස්ථානයට කවර ඉරණමක් අත්වීද යන්න පිළිබඳ සාධක කිසි තැනෙක දක්නට නොලැබෙයි.

මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කෙරෙනුයේ එහි යන නොයන ඔබ හට අත්වැලක් සලසනු පිණිස ය.

ISBN
9786242010366
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසිරිමත් සිතුල්පව්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.