Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / මහ අනඳ හිමි - දයාවංශ ප්‍රකාශන

මහ අනඳ හිමි - දයාවංශ ප්‍රකාශන

About this book

"ඔබ සසුන්ගතවූයේ කෙලෙසුන් මැඬීමට නොවේ ද නැඟණිය?"

"එ සේ ය." උඩුබැල්මෙන් වැතිරහුන් මෙහෙණ සිවුර මනාව සකසා හිඳගත්තා ය.

"එ සේ නම් එහි ඇලී ගැලී මෙ සේ දුක්විඳින්නේ ඇයි?"

දෑත් බැඳ බිම බලාගත්තා මිස මෙහෙණගෙන් වහා පිළිතුරක් නොලැබිණි.

"රා ගින්නෙන් පැළැහුණු කල්හී දෑස් අන්ධ වේ. සිහි විකල් වේ. ඒ එහි සැටි ය. ම ඔබට දොස් නොපවරමි. යටි සිතිනුදු සිනා නොනගමි. අන් කෙනෙකුන්ට ද නොකියමි. කිසිත් නුවූවා සේ සිතා, සිහි නුවණින් මා දෙස බලන්න නැඟණිය?"

"මම කෙලෙස් තවමින් ම හුන්නෙමි ස්වාමීනි, මා නොමග හෙළුවෝ ඔබවහන්සේ ම ය. ඔබවහන්සේගේ මධුර ස්වරයට, රන්වන් පැහැයට, සුපිපි වත කමලට, විනීත පැවතුමට, ප්‍රණීත බැල්මට මා වශීව ගියේ ය. අනේ ස්වාමීනි, ගිනිගෙන දැවෙන මට අනුකම්පාකොට එකම එක් වරක් මා වැලඳගන්න! මට ඒ ඇති ය. නො එ සේ නම් ම දිවි නොරැඳේ!"

"සුවය රැඳෙන්නේ ඇලීමෙන් නොවේ නැඟණිය, අත්මිදීමෙනි. ගිනි නිවනු සඳහා ළංකළයුත්තේ දර නොව දිය ය. මවෙත දිය මිස දර නොමැත."

ISBN
9789556863383
පිටු ගණන (Pages)
206
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මහ අනඳ හිමි - දයාවංශ ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.