Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / මහ මිහිඳු හිමි

මහ මිහිඳු හිමි

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

''බලවත් සොම්නසින් පසුවනු පෙනේ?''

''නො එ සේ ව! යළි ඉපැදුණා සේ හැඟේ. කවර ආශ්චර්යයක් ද? ඔබ වහන්සේ පැමිණ වසරක් ගතවුවා පමණි. සියල්ල පෙළගැසී එන්නේ ය. රට සෙමෙහි සතුටෙහි පිහිටියේ ය. වැසියා බතබුලතෙහි පොහොසත්හු ය. ඔවුනට දැන් හෙට දවසකුත් තිබේ. අද මේ පොසොන් පුන් පෝ දින ඔවුහු බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳව පසුවෙති. මේ මහා නවෝදයේ නවෝන්නතියේ නිර්මාතෘවරයාණෝ ඔබවහන්සේ ය! අඳුරේ හුන් අපගේ දෑස පෑදුවෝ, මග පෙන්වූවෝ, අත්වැල සැපයුවෝ, දිරිගැන්වුවෝ ඔබ වහන්සේ ය! මගේ රන්මිණි කිරුළ ඔබ වහහන්සේටත් බුදු පියාණන් වහන්සේටත් පුදනු සඳහා නොපැළඳ, ලෙහි හොවා පැමිණියෙමි. මේන් හිමිසඳුනි, මිණි කිරුළ ඔබවහන්සේ ගේ දෙපා මුල හොවන්නෙමි. මේ සිරිලත මෙ තැන් සිට සම්බුදු පියාණන් වහන්සේගේ ය! ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේගේ ය!''

ISBN
978-955-551-370-8
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මහ මිහිඳු හිමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.