Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුදු වළාකුළු

සුදු වළාකුළු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සුදු වලාකුළු

ජයසේන ජයකොඩි

කරදර දුක් ගැහැට විඳ දරා ගනිමින්, සිය ශ්‍රමය වගුරා වන සතුන් අරක්ගත් මහ වනයක් ගමක් බවට පෙරළාගත් සැටි “අස්වැන්නේ” කියැවේ. බුංජප්පු, සංගු, පොංසප්පු, අගෝරිස් හා පොරොන්සිනා වැන්නවුන් විසින් ගොඩනගාගත් නව ලෝකය ඔවුන් මිය ඇදෙන්නට ද ප්‍රථම දූෂණය විය. “සුදු වලාකුළු” නම් මේ නවකතාව, එතැන් සිට ඇරඹ, පුරා දස වසක් ඇතුළත නිමාවට පත් වේ. එක තැන කැකෑරෙමින්, දුසිරිතට ඇබ්බැහිව දුරාචාරයෙහි හැසුරුණු නූගත් මනුෂ්‍ය කොට්ඨාශයකට මාර්ග දේශකයා වෙමින් ඔවුන් යහ මග තබන්නට දිවා රාත්‍රී වෙහෙස ගත් බර්තෝලිස් ගුරු මහතා මෙහි කතා නායකයාය. අධ්‍යාපනය නිසා ඈත පිටිසර වහ වහා පිබිද නැඟී ආ සැටි මෙයින් කියැවේ. “සුදු වලාකුළු” බුද්ධි විප්ලවයේ සමාරම්භක කතා පුවතයි.

ISBN
978-955-551-005-9
පිටු ගණන (Pages)
225
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුදු වළාකුළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.