අසිරිමත් පොළොන්නරුව
පොලොන්නරුව යනු දිවයිනේ දෙවන අගනුවරයි. මෙම ස්ථානය ක්‍රිස්තු වර්ෂ මුල් සියවස් වල පටන් විටින් විට අනුරාධපුරයේ සිට රජකළ ඇතැම් රජවරුන්ට තාවකාලික වාසස්ථානයක්ද විය. එහෙයින් එය කඳවුරුපුර නමින්ද නම් විය.
පොලොන්නරුව මුලින්ම නිත්‍ය වාසස්ථානය බවට පත් කරගන්නා ලද්දේ රාජ රාජ නම් සොළී පාලකයා යටතේය. සොළී පාලනයෙන් රට මුදවා ගත් පළමු විජයබාහු රජු 1055 වසරේදී රාජ්‍යත්වයට පත් විය. ඔහුගේ පාලන සමය දිවයිනේ ඉසුරුමත් අවධියක් ලෙස සළකනු ලැබේ. එතැන් පටන් එතරම් බලවත් නොවූ රජුන් තිදෙනෙකුන් පසුව පළමු පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පත් වෙයි. අභ්‍යන්තර අරගලවලට සාර්ථකව මුහුණ දුන් ඔහු 1153 වසරේදී දිවයිනේම පාලකයා බවට පත් විය. පොලොන්නරුව විහාරාරාම හා නගරාංගයන්ගෙන් සම්පූර්ණ කළ ඔහු පරාක්‍රම සමුද්‍රය නම් සුප්‍රකට ජලාශයද පොලොන්නරුවේ ඉදිකළේය. මින් පසු පොලොන්නරුවේ රජ පද පත් ප්‍රබල රජෙකු ලෙස ඉස්මතු වන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල පමණකි.
පොලොන්නරැව අද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය අතින් දෙවැනි වනුයේ අනුරාධපුරයට පමණි. එහි යන ඔබට අත්වැලක් සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.