ඇසුණු ගීයක නුදුටු ඡන්දස
නූතන සිංහල ගීත සියුම් ලෙස විමසා බලත් හොත් පෙර කී විවිධ ඡන්දස් ලක්ෂණ ඒවායේ උපයුක්ත ව ඇති ආකාරය දැක ගත හැකි වේ. සිංහල ජන ගී අනුවත්, බටහිර ජාතීන්ගේ ආගමික හා විනෝද ගීත අනුවත්, විදේශ ගීතවල තනු අනුවත් ඒ ඒ කාලවල ලියැවුණු ගීත සිංහල ගීත අතර ඇතුවාක් මෙන් ම ඒ ඒ රචකයන් ස්වතන්ත්‍ර ව ලියූ බොහෝ ගී ද එදා මෙදා තුර විද්‍යමාන වේ. ගී අතර එන ඇතැම් නිර්මාණ කිහිපයක් ඡන්දස් ගැන නොතකා ම පද යෙදූ පබැඳුම් ය. ඇතැම් විට ඇසුණු හෝ සිතුණු හෝ එසේත් නැති නම් කොතැනින් හෝ එක් කර ගත් වචන පෙළකි. කෙසේ වෙතත් ගීතයේ ආකෘතිය බොහෝ විට තීරණය කරන්නේ සංගීතඥයා ය. විරිතකට තොර වූ පදවලට තනුවක් යෙදූ අවස්ථා, දොහොරා-ආලාප-නොගයා කියන කොටස් ගීත තුළට ඇතුළත් කොට ගැනුණු අවස්ථා ආදිය දක්නට ලැබෙන්නේ ඒ නිසාවෙනි.
මෙම කෘතියෙහි දී කතුවරයාගේ අරමුණ වී ඇත්තේ ගේය පද රචනාවන් තුළ ඇති ඡන්දස් සහ වෘත්ත ලක්ෂණ ගෙන හැර දැක්වීම ය. එහි දී එකී අංශ සම්බන්ධයෙන් වැඩි වැදගත්කමක් ඇති ගීත 50ක් මේ කෘතිය සඳහා ඔහු තෝරා ගෙන ඇත. ඡන්දස යනු අනවශ්‍ය භීතියකට පත් විය යුතු බැරෑරුම් අංශයක් නොවන බවත් එය ගීත ඇසුරින් වුව ද පහසුවෙන් වටහා ගත හැකි බවත් මෙම කෘතිය මඟින් කතුවරයා තහවුරු කර තිබේ. බොහෝ ගීතවල ඇත්තේ සඳස් ලකුණු තුළින් මතුවන වෘත්ත බව මෙම කෘතිය තුළින් පැහැදිලි කොට ගත හැකි වනු ඇත. සාම්ප්‍රදායික විරිත් මෙන් ම නව්‍ය විරිත් ද සිංහල ගීතවල උපයුක්ත ව ඇති ආකාරය මෙම කෘතිය මඟින් පැහැදිලි කෙරේ.
මහාචාර්ය බිනේෂ් ඉන්දික සම්පත්
සිංහල අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.