අසුර ධ්යානවේදයේ මහා නිමැවුම්කරු 4
සමස්ත ධ්‍යානවේදී ලෝකයේම සම්මත ධර්මතාවන්ට පිටුපා, අසරණ වූ වෙන් වංශිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට තැත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, වෙයි වූෂියැන්ට යළි හැරවිය නොහැකි අඳුරු මාවතකට පිවිසීමට සිදුවෙයි. මුළුමහත් ලෝකයාගේම සතුරෙකු බවට පත්ව, යිලින්ග්හි සුසාන භූමි අඩවිය වෙත පසුබසින යිලින්ග් වංශාධිපතිවරයාට, අනපේක්ෂිත අයුරින් චියොංචී මාවතේදීම, නිද්-රාත්‍රික නගරයේදීත් සිය අසුර බලයේම ඛේදනීය ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවේ.
එහෙත් දෛවයේ සරදමකින් මෙන්, නිමාවූවා යැයි සිතූ අඳුරු ඉතිහාසයක් යළිත් අවදිවෙමින් පවතියි. නොපෙනෙන දෑතක් විසින් වියන ලද මාරාන්තික දැලකට හසුවන සමස්ත ධ්‍යානවේදී ලෝකයටම, එක් නිමේෂයකින් සියල්ල අහිමි වී මරණයේ දොරකඩටම යාමට සිදුවේ. සැඟවුණු සතුරාගේ වෙස්මුහුණ ගලවාදැමීමට තරම් කාලයක් ඔවුන්ට ඉතිරි වී තිබේද? නැතහොත් මේ අඳුරු උගුල ඔවුන් සියල්ලන්ම ගිලගනීවිද?
ලන් වංජී සහ වෙයි වූෂියැන්, සැබෑ සතුරා ලුහුබඳිමින් යුන්පිං නගරය වෙත ඇදෙන ගමනේදී, මෙතෙක් කල් වසන් වී තිබූ අඳුරු සත්‍යයන් එකිනෙක හෙළිදරව් වීමට පටන්ගනී. පැරණි මිත්‍රත්වයන් සදහටම දෙදරා යයි. සහෝදරත්වයේ ස්වර්ණමය ශරයන් පිටුපස සැඟවුණු හද කම්පා කරවන ඛේදනීය රහසක් කරළියට පැමිණෙයි. මේ සියලු කැළඹීම් මධ්‍යයේ වුවද, එක්තරා ඉරණම්කාරී රාත්‍රියකදී ලන් වංජී සහ වෙයි වූෂියැන් අතර ඇති සබඳියාව පෙර නොවූ විරූ නව මානයකට පිවිසෙයි. ඉනික්බිති...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.