Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මරණයේ දොරටුව අබියස

මරණයේ දොරටුව අබියස

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
මනුෂ්‍යත්වයට ආවේණික මනෝභාව අතර ත්‍රාසය, භීතිය සහ සංසය ප්‍රධාන තැනක් ගනී. ඒවා බොහෝ විට අප වෙත සම්ප්‍රේෂණය වන්නේ ප්‍රබන්ධයන් ලෙසිනි. මානව ශිෂ්ටාචාරය ප්‍රබන්ධයටත් වඩා ඇදහිය නොහැකි සත්‍ය අත්දැකීම්වලින් ගහන වී තිබේ. එවැනි අප්‍රමාණ අත්දැකීම් අතරින් කලකට පෙර Readers Digest නමැති ලොව පුරා මිලියන සංඛ්‍යාත පාඨකයන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ සඟරාවේ Drama in Real Life සිරැසිය යටතේ පළ වූ වෘත්තාන්ත පෙළ අතරින් වෙසෙසින් තෝරාගත් කතා දහයකින් සමන්විත මේ පොත සිංහල වැඩිහිටි පාඨක සමාජයේ මෙන් ම පාසල් ළමුන්ගේත් ආදරය එක සේ  දිනාගනු ඇති බව නොඅනුමාන ය. ඉංග්‍රීසි භාෂාවෙන් රචිත මෙම කතා දහය තෝරාගෙන ඒවා සිංහලට පරිවර්තනය කළ රංජිත් යසරත්න වනිගසූරිය ජාතික කලා සාහිත්‍යධරයෙකි. චිත්‍ර ශිල්පියෙකි. මෙම  පොතේ ඇතුළු පිටුවල අඩංගු සෑම චිත්‍රයක්ම  රංජිත්ගේ ම වීම ද විශේෂත්වයකි. මොහොතින් මොහොත ත්‍රාසය, භීතිය හා කුමකින් කුමක් වේදෝයි යන කුතුහලය ඔස්සේ අප ඇද බැඳ තබන "මරු සමග රැඟුම්  හෙවත්  ඩ්‍රාමා ඉන් රියල් ලයිෆ්” කියවා රස විඳීමට ලැබීම භාග්‍යයකි.

උභයවංශ වර්ණකුලසූරිය.
(ලේඛක සහ ප්‍රවීන දේශක හිටපු සහකාර සාමාන්‍යාධිකාරී මහජන බැංකුව)
ISBN
9786246815899
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මරණයේ දොරටුව අබියස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.