Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඈත අතීතයට ගිය ඇමෙරිකානුවා

ඈත අතීතයට ගිය ඇමෙරිකානුවා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
19 වන සියවසේ ඇමෙරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයකට, හයවන සියවසේ එංගලන්තයේ ආතර් රජුගේ කාලයේ “පහළ වෙයි.” නවීන නිදහස් මතධාරී, ඉතාම දක්ෂ කාර්මිකයෙකු වූ හෙතෙම, දැඩි ආගමික මතධාරී අතිශයින් සාම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව ක්‍රමයෙන් වෙනස් කරයි. ඔහුගේ නවීන තාක්ෂණික ශිල්පීය කුම හයවන සියවසේ ප්‍රබල මිථ්‍යා මතධාරීන්ට පෙනෙන්නේ මහා ප්‍රාතිහාර්ය ලෙසිනි. අවසානය පාඨකයා කිසිසේත් අපේක්ෂා නොකරන්නකි. නූතන ඇමෙරිකානු සාහිත්‍යයේ පියා ලෙස සැළකෙන මාක් ට්වේන් (1835-1910) ප්‍රබල නිදහස් මතධාරියෙකි. හෙතෙම බ්‍රිතාන්‍යයේ දැඩි සම්ප්‍රදායික බව, රාජ්‍යත්වය, රදල පන්තිය සහ කතෝලික පල්ලිය මහත් උපහාසයටත්, හාස්‍යයටත් ලක් කරයි. ඉතා රසවත් සිදුවීම් නිර්මාණය කරමින් හයවන සියවසේ භාෂා ශෛලිය යොදමින් පාඨකයා තුළ මහත් කුතුහලයක්ද, හාස්‍යයක්ද උපදවීමට හෙතෙම තමාට විශේෂ වූ හාස්‍යෝත්පාදක ගුණයත් නිර්මාණාත්මක භාවයත් යොදාගනියි. තමා ශ්‍රේෂ්ඨ කලාකරුවකු බව හෙතෙම මේ කෘතියෙන් නැවතත් ස්ඵුට කරයි.
ISBN
9786245546169
පිටු ගණන (Pages)
464
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඈත අතීතයට ගිය ඇමෙරිකානුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.