About this book
ක්‍රි.ව 1203 දී නම දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය ජාතික පිරිසක් ක්‍රිස්තියානි බැතිමතුන්ගේ ප්‍රධාන පූජනීය ස්ථානය වන ජෙරුසෙලම වන්දනා කිරීමට පිටත්ව යති.හදිසි අනතුරු, සොර සතුරු උපද්‍රව සහ අනපේක්ෂිත සිදූවීම් මැද මධ්‍යතන යුගයේ යූරෝපය සහ මැද පෙරදිග හරහා පාගමනින්, අසුපිටින්, මුහුදින් සිදු කෙරෙන මේ දීර්ඝ ගමන සම්පූර්ණ කිරීම ඊට සහභාගී වූවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වෙයි.මුළු දිවයින පුරාම ඉඩම් හිමි රදළයන්ට බැල මෙහෙකම් කළ, කුසගින්න හා වෙහෙස හැර අන් කිසිවක් දැන නොසිටි නූගත් අවිහිංසක ගොවි දැරියක වන ගැටී ද දෛවා්පගතව මේ වන්දනා ගමනට එක් වන්නීය.ඇයට ජෙරුසෙලමට ළඟා වීමට හැකිවේද?ඇය උපන් වේල්සයේ හරිත වර්ණ සොඳුරු ගම් පියස සහ ඇගේ හදවත හිමි තරුණ නයිට්වරයා යළිත් දැක ගැනීමට ඈට අවස්ථාවක් ලැබේද?
මෙය හුදෙක් නව යොවුන් තරුණියකගේ ජීවිත පරිච්ජේදයක් පමණක් ම නොව, අඳුරු මධ්‍යතන යුගයේ පොදු ජන ජීවිතය වැඩ වසම් සමාජ ආර්ථික ක්‍රමය, ආගමික පසුබිම සහ කුරුස යුද්ධ මෙන්ම ආදරය, කරුණාව, පරිත්‍යාගය, රැවටීම වැනි පොදු මිනිස් ගුණාංග පිළිබඳ විචිත්‍ර දසුනක් පාඨක සිත් තුළ සිතුවම් කිරීමට සමත් සංවේදී කතාන්තරයක් ද වේ.
Details
ISBN
9789556528442
පිටු ගණන (Pages)
512
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review