මගේ පවුලයි අනික් සත්තුයි
ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙරල්ඩ්ගේ (ජෙරීගේ) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු පහක කාලය තුල කුඩා ජෙරී ස්වාභාව ධර්මයේ සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශිකෘත වෙයි.
ජෙරී නිවස තුලට ගෙනවුත් ඇති කරන්නේ දිය නයින්, විශාල ගෙම්බන්, ගෝනුස්සන්, විශාල මුහුදු ලිහිණි ආදී අසාමාන්‍ය සුරතලුන්ය.මේ නිසා ඔහුද පවුලේ ඇත්තන්ද අතර නිරතුරුව හටගන්නා වියවුල් හා අඬදබර ඉතා හාස්‍යජනකය.තවද කුඩා ජෙරී පරිසරයේ ඇති සෑම දෙයක්ම විද්‍යාත්මකව ගවේෂණය කරමින් විමසා බැලීම නිසා පාඨකයාට දැනුම් සම්භාරයක්ද ලැබේ.
ඩරල් සිය ළමා විය පිළිබඳව ලියූ දෙවන කෘතිය කුරුල්ලෝ සිවුපාවෝ සහ නෑදෑයෝ නමින්ද තුන්වන කෘතිය දේව උද්‍යානය නමින්ද පළ වී ඇත.ඒ කෘති දෙක පළමුවන පොතට ඇතුලත් කළ නොහැකි වූ, එතරම්ම රසවත් අත්දැකීම් රාශියකින් යුතුය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.