Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / අතථ්‍ය සන්නිවේදනය

අතථ්‍ය සන්නිවේදනය

About this book

අතථ්‍ය සන්නිවේදනය යනු සිත්ගත් පරිසරයක් තුළ සිදු වන අන්තර්ක්‍රියාකාරී පරිගණක ජනිත අත්දැකීමකි. අතථ්‍ය සන්නිවේදනය ජීවිතය තුළ අතුරුදහන් වූ දෙයක් අන්තර්ජාලය තුළ සායන තැනැත්තා සඳහා ගවේෂණ ස්ථානයකි. යම් පුද්ගලයෙකු සමාජීය සැකැස්ම තුළ පෞද්ගලිකත්වය පිළිබිඹු කිරීම ගැන සෑහීමකට පත් නොවන තත්ත්වයකදී, එක් විකල්පයක් ලෙස තනිකමේ හැගීම මගහරවා ගැනීම සඳහා අන්තර්ජාලගත අතථ්‍ය සන්නිවේදනය භාවිත කළ හැකියි. ලොව වටා බිලියන සංඛ්‍යාත ජනයාගේ සමාජ අන්තර්ක්‍රියා, ඔවුන්ගේ අනන්‍යතා සමාජ සම්බන්ධතා සහ අතථ්‍ය ප්‍රජාවන් නිර්මාණය කිර්මත් සමග, පරිගණක තාක්ෂණය සහ අතථ්‍ය සන්නිවේදනය සමාන්තර ගමනකට යොමුව ඇත. එමගින් සමාජය නව අධ්‍යාත්මක සංස්කෘතික අවකාශයක පිහිටුවා ඇති බවක් ද පෙනේ. අතථ්‍ය සමාජය නවීන පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද සමාජයකි. ජංගම සන්නිවේදනය, දුරකථන සන්නිවේදනය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදනය ද අයත් වන්නේ අතථ්‍ය සමාජය තුළටයි. සෑම ක්‍රියාවක්ම සිදුවන්නේ සැබෑ වේලාව තුළ නොව, අදෘශ්‍යමාන අතථ්‍ය අවකාශයෙහිය. මෙලෙස නව සමාජ පරිසරයක් නිර්මාණය කිරීම ලොව පුරා ව්‍යාපාරවලට විශේෂ සංවිධානාත්මක රූපාකාරයන් නිර්මාණය කිරීමක් ද වන්නේය.

ආරියරත්න ඇතුගල

ISBN
9786242040684
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අතථ්‍ය සන්නිවේදනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.