Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මනූජා විතානගම Manuja Vithanagama

3 books

3 Items

Set Descending Direction

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිනියක් වන මනුජා විතානගම, වසර ගණනාවක් මෘදුකාංග තත්ත්ව සහතික ඉංජිනේරුවරියක ලෙස සේවය කර ඇති අතර, ඇය සංචාරයටත්, කියවීමටත් මෙන්ම ලිවීමටත් ප්‍රිය කරන ලේඛිකාවකි. අසූව දශකයේදී සිංහල විෂයට අදාළ පාසල් පෙළපොත් සඳහා පාඩම් රචනා කළ තම පියාගේ අඩිපාරේ යමින්, ඇය ද මෑතකදී ලේඛන කලාවට පිවිසියාය. දේශීය හා විදේශීය සංචාරයන්ගෙන් ලද අත්දැකීම් මෙන්ම, විද්‍යාවෙන් ඔබ්බට විහිදෙන, සාමාන්‍ය ඇසට නොපෙනෙන ලෝකය පිළිබඳ ගවේෂණාත්මක තොරතුරු සොයා යෑම ද ඇයගේ විශේෂ කැමැත්තකි.

තම අත්දැකීම් ඇසුරෙන්, සංකීර්ණ සංකල්ප හා ගැඹුරු අදහස් සාමාන්‍ය පාඨකයාට පහසුවෙන් අවබෝධ කරගත හැකි අයුරින්, ත්‍රාසය, අභිරහස හා කුතුහලය මෙන්ම ආදරය සහ මානුෂීය හැඟීම් ද නොඅඩුව මුසු වූ කතා ඔස්සේ පාඨකයා වෙත සමීප කිරීම ඇයගේ ලේඛන කලාවේ අරමුණයි. මහ පොළොවේ යථාර්ථය නිරූපණය කරන රසවත් කතා පුවත් මෙන්ම, යථාර්ථයත් පරිකල්පනයත් එකට මුසු වූ නිර්මාණ ඔස්සේ පාඨකයාගේ සිත නව මානයන් කරා යොමු කරමින්, මිනිස් සබඳතාවල ගැඹුරත්, ආදරයේ සුන්දරත්වයත්, ජීවිතයේ විවිධ පැතිකඩත් විවරණය කරමින්, නොදුටු ලෝකයන් වෙත පාඨකයා කැඳවාගෙන යන කෘති බිහි කිරීම ඇයගේ අපේක්ෂාවයි.

ඇය මේ වන විට, ආදර්ශමත් ගුරුතුමෙකු සහ වෙදමහතෙකු ගැන කියවෙන "අපේ ගුරුතුමා සහ හිත හොඳ වෙදතුමා" කෙටිකතා සංග්‍රහයද, දෛවයේ සරදම් සහ ආදරයේ බැඳීම පිළිබඳ ලියැවුණු "අහස් සයුර මැද” නවකතාවද, ආදරයට විශ්වීය සීමා මායිම් නොමැති බව පසක් කරන "තරු මං සලකුණු නවකතාවද පාඨකයා වෙත තිළිණ කර ඇත.

අහස් සයුර මැද -20%
Out of stock

අහස් සයුර මැද

බුක්රැක් ප්‍රකාශන - Bookrack Publishers
රු. 704.00 රු. 880.00
තරු මං සලකුණු -20%

තරු මං සලකුණු

Grantha (Pvt) Limited
රු. 760.00 රු. 950.00
In stock
අපෙ ගුරුතුමා සහ හිත හොඳ වෙදතුමා -20%

අපෙ ගුරුතුමා සහ හිත හොඳ වෙදතුමා

කර්තෘ ප්‍රකාශන - Self Published
රු. 720.00 රු. 900.00
New
In stock
per page