අවිකාරයන්ගේ කවිකාර ලියවිලි
"අවිකාරයින්ගේ කවිකාර ලියවිලි"
(යුද බිමේ කුරුටු ගී)
සීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කථා කරයි. එසේම සිපිරි ගෙය තුළද නේවාසිකාගාර තුළ ද වෙනත් එවැනි වූ පොදු ස්ථානවල ද ඕනෑ තරම් කුරුටු ගී ලියැවී ඇත. නමුත් ඒ සියල්ල අතරේ යුද බිම තුළ ද එවැනි ම කුරුටු ගී විශේෂයක් ලියැවී තිබුණු බව යුද බිමේ අත්දැකීම් ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනකු නොදනිති. විරුවන් ගේ සුසුමක උණුසුමත් සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත්‍රයකින් හෝ පාඨක ඔබට දැනෙනු ඇති බව මාගේ විශ්වාසයයි.
ලුතිනන් කර්නල්
සුජිත් චමින්ද එදිරිසිංහ
යුද ගැටුම් පැවති බිමක බැලූබැල්මට ඇත්තේ ගිනිගෙන දැවුණු පරඬැල් බඳු ශේෂ වූ නටඹුන්ය. දෑසට ප්‍රිය උපදවන හෝ හදවතට සැනසිලිදායක කිසිවක් එහි ඉතිරි නොවේ. එහෙත් එවන් පරිසරයක් වුව සියුම්ව ගවේෂණය කරන්නේ නම් මනුස්සකම් රැඳි බොහෝ සංවේදී මතක සොයාගත හැකි වනු ඇත. වැසී ගිය යුද බිමක තොරතුරු ගවේෂණය යනු පොලව හාරා සිදු කරන්නක්ම නොවේ. එකී පරිසරයේ ජීවමාන අත්දැකීම් විඳිවුන්ගේ හදවත් හාරාද බොහෝ දෑ උකහාගත හැකිය. ඇතැම් විට ඒවා පොළොන්නරුව අනුරාධපුරය වැනි ඓතිහාසික ස්ථානවල කැණීම් කොට ලබාගන්නා නටඹුන් තරමටම වටින්නේය.
සීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කතාකරයි. එසේම සිපිරිගෙය තුළද නේවාසිකාගාර තුළද වෙනත් එවැනි වූ පොදු ස්ථානවල ද ඕනෑතරම් කුරුටු ගී ලියවී ඇත. තමුත් ඒ සියල්ල අතරේ අවි ගැටුණු යුද බිම තුළ ද එවැනිම කුරුටු ගී විශේෂයක් ලියවී තිබුණු බව යුද බිමෙහි අත්දැකීම් ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනකු නොදනිති.
මරණය අහඹුවක් නොවූ රණබිම තුළ සෑම ක්‍රියාකාරකමක්ම සිදුවූයේ රණවිරුවන්ගේ දහඩිය, කඳුළු, රුධිරය පිරි සංවේදී මැදිහත් වීම් මතින්ය. විරුවන්ගේ සුසුමක උණුසුමත්, සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත්‍රයකින් හෝ පාඨක ඔබට දැනේ නම් මේ පොත වෙනුවෙන් මා ගත් උත්සාහය සාර්ථකය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.