බැලන්ස් බාර්එකේ බුෂ්එක බුරුල්
මාලකගේ නාට්‍යවල ඇති සුවිශේෂී වැදගත්කමනම් තම නිර්මාණ තුළින් ඔහු ගෙන එන දෘෂ්ටිමය කතිකාවයි. මෙම රේඩියෝ නාට්‍ය විරල කුසලතාවයක් ප්‍රකට කරන ස්වතන්ත්‍ර රචකයකුගේ බිහිවීම සනිටුහන් කරයි. මාලකට ද කතන්දර කීම පොරොදය, සංස්කෘතිය හා සමාජය ගවේෂණය කිරීමෙන්, නියෝජනය කිරීමෙන් වැඩ නිමකි. - කේ. බී. හේරත්
සැබැවින්ම අප ජීවත්වන සමාජයත් එම සමාජයේ මිනිස් හැසිරීම් රටාවනුත් විවෘත භාවයට පත්කර ඇති සමාජ දේශපාලනික හා ආගමික ආදී සංස්ථාවන් විනිවිද එහි යථාර්ථය ප්‍රකාශනාත්මකව හා උත්ප්‍රාසයෙන් යුතුව මතු කර පෙන්වීමටයි ඔහු වෑයම් කරන්නේ. - ලූෂන් බුලත්සිංහල
මේ රේඩියෝ නාට්‍ය නැවුම්ය, උපහාසාත්මකකය. රේඩියෝ නාට්‍ය පිළිබඳ වර්තමාන නව සංස්කෘතියක් නියෝජනයක් වන්නේ මේ නාට්‍ය නිසාය. - ඩබ්ලිව්. ජයසිරි
රේඩියෝ නාට්‍ය ලියන වරදට සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ගොස් කට උත්තර දීමටත්, උසාවි ගානේ රස්තියාදු වීමටත් මාලකට සිදුවූයේ ලාංකේය පසුගාමීත්වය හා අන්ධග්‍රාහී හා අන්ධ ඇදහිලි නිසාමය. - සමන් අතාවුදහෙට්ටි
තම නිරීක්ෂණය ඇසුරෙන් සමාජ දේශපාලන කාරණා තෝරා ගන්නා මාලක, ඒවා පරිකල්පනාත්මක සැත්කමකට හසු කරයි. පැය භාගයක හෝ පැයක කාල සීමාවක් තුළ සිදුවන එම සියුම් සැත්කමේදී ඔහු යොදාගන්නේ අපහාස විපහරණය කළ උපහාස සැතකි. - කපිල කුමාර කාලිංග
ආචීර්ණ කල්පිත වූත් සාම්ප්‍රදායික වූත් ආකෘතීන් පුපුරුවා හැර නව ආකෘතික රටා මවමින් අන්තර්ගතය නව මාන ඔස්සේ සුපැහැදිලි විපර්යාසයකට ලක් කිරීමට නිර්මාණකරුවා දක්වා ඇති සාමර්ථ්‍යය සැබවින්ම අගය කළ යුතුය. - නිශ්ශංක දිද්දෙණිය
මේ නාට්‍ය සන්දර්භ හැටියට පයීතමය අර්ථයෙන් නම් කරන්න පුළුවන්. සන්දර්භවල තියෙන පරස්පරතා එහිදී මතු වෙනවා. මේ නාට්‍ය හරහා මට මතක් වෙන්නේ ඇරිස්ටොෆානිස්ගේ 'ක්ලවුඩ්ස්', 'බර්ඩ්ස්' වගේ නාට්‍ය. මෙම සංකල්ප සජීවීකරණයට හෝ රූපයට නැගිය නොහැකියි. මේ සංකල්ප වඩාත් ගැළපෙන්නේ රේඩියෝ මාධ්‍යයට පමණයි. - ධර්මසේන පතිරාජ
දීර්ඝ පෙරවදනකින් දේශපාලන උවමනකම් මත මේ රටේ ගුවන්විදුලිය ඇතුළු ජනමාධ්‍ය පත්කර තිබෙන ශෝචනීය තත්වයත්, සංවර්ධිත රටවල ජනමාධ්‍ය හසුරුවනු ලබන කාලානුරූප හා ක්‍රමානුකූල ආකාරයත්, පහදා දෙයි. - පරාක්‍රම නිරිඇල්ල
විශ්ව සමාජයම ආවරණය කරගත් නාට්‍ය රචනා මගින් දේශපාලනය, සංස්කෘතිය, අධිකරණය, විද්‍යාව, ඩිජිටල් තාක්ෂණය, ආදරය ආදී තමා තුළ නලියන හැඟුම් ගොන්නක් නාට්‍යානුසාරයෙන් හරවත්ව ගලා යාමට සැලැස්වීම ඉතාම බැරෑරුම් කාර්යයකි. - රමණී වනිගසේකර
නාට්‍යවලට යොදා තිබෙන නම් ගැන මගේ පෞද්ගලික අදහස වන්නේ ඒවා හරිම නිර්මාණශීලී බවයි. මේ නිර්මාණශීලීත්වයේ කිසිදු ගැටලුවක් නැහැ. - ජයලත් මනෝරත්න
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.