Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බහුචිතවාදියා

බහුචිතවාදියා

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මාලකගේ චිත්‍රපටය ද අසංවිධිත නූතන බවකින් යුක්තය. ජීවිතයේ ඕරාව (Aura) හෙවත් ප්‍රභාව ආවරණය කරමින් සයිබර් මාධ්‍ය තුළ නව සමාජ ජීවිත සම්බන්ධ පඨිත (Texts) ආඛ්‍යාන (Narratives) ව්‍යූහ (Structures) පරිවර්තනයකට හසුව ඇති බව සෞන්දර්යාත්මකව නිර්මාණය කර ඇත.

මාලකගේ චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය ගලා යනුයේ කාලය පදනම් වූ ආඛ්‍යානයක් ලෙස නොවේ. කාලය සටහන් කරනුයේ නිරූපිත අවස්ථා මතුවන දෘශ්‍ය හා ශ්‍රව්‍ය සංවිධාන කතාවේ (Plot) අත්දැකීමක් ලෙසටය.

එය තර්කානුකූල අන්තය කරා මෙහෙය නොවන්නාවූ පවතින සමාජය තුළ ඛේදවාචකමය ස්වරූපයන්හි සංග්‍රහයකි (Pastiche).

ප්‍රථම චිත්‍රපට කරුවකු ලෙසින් මාලක ස්වලක්ෂණ සහිත අනන්‍යතාවයක් පෙන්වයි. මෙම චිත්‍රපටය මුල්වරට නැරඹූ විට මා සිතට නැගුණේ එයට නමක් අත්‍යවශ්‍යද යන අදහසයි. නිර්නාමික (Untitled) හැගවුම යටතේ චිත්‍ර, ඡායාරූප, මෙන්ම කාව්‍ය කොතෙකුත් දැක ඇත්තෙමි. මෙම චිත්‍රපටය තුළ වාදියෙකු නැතහොත් අතීරක (Undecided) තත්වයකට වඩා බහුවිධ මාන ප්‍රේක්ෂක සංජානනයට ආමන්ත්‍රණය කරනු ලබයි.

මෙහි වියමන ඉතාම සංකීර්ණ ලෙස ගොඩනැගීමට චිත්‍රපටකරුවා සමත්ව ඇත. සම්භාව්‍ය, නූතන හා පශ්චාත් නූතන ආදි විවිධ න්‍යායික එළඹුම්වලින් ඒ සඳහා අර්ථකථන සැපයිය හැකිය. එමෙන්ම කිසිදු න්‍යායක් පාදක කර නොගනිමින් ද අර්ථ ලබාදිය හැකිය.

වර්තමානයේ වම් ඉවුර ලෙසට පන්ති ප්‍රවණතාවය පදනම් වූ චිත්‍රපට පමණක් නම් කළ නොහැකිය. යුද්ධය, ප්‍රාග්ධන සංසරණය, පශ්චාත් ධනවාදය, ගෝලීකරණය, ලිංගිකත්වය හා මනෝවිශ්ලේෂණය වම් ඉවුරේම වෙනත් ආත්ම ලෙස නම් කළ හැකිය. මාලක දේවප්‍රියගේ චිත්‍රපටයද වම් ඉවුරේ සිනමාවක ආත්මය ප්‍රකට කරන කැඩපතක් වැන්න.

ධර්මසේන පතිරාජ

ISBN
9786242042480
පිටු ගණන (Pages)
131
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බහුචිතවාදියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.