Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චරිතාපදාන / බැරීගේ සිහිනය - බරක් ඔබාමා

බැරීගේ සිහිනය - බරක් ඔබාමා

About this book

වර්ණ භේදය දැඩිව පවතින ඇමරිකා එක්සත් ජනපදය, බරක් ඔබාමා වැන්නකු තම රටේ ජනාධිපති වෙතැයි මුලදී අපේක්ෂා නොකළේ ය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාර වලදී ඔහු මුස්ලිම් ජාතිකයෙක් බවට කියන ලදී. ඔහුට නීත්‍යානුකූල උප්පැන්න සහතිකයක් නැතැයි පවා අවමානයට ලක් කරන ලදී. එහෙත් ඒ සියලු අභියෝග හමුවේ ඇමරිකාවේ හතළිස් හතරවෙනි ජනපති වූ බරක් ඔබාමා අභියෝග රාශියකට මුහුණ දෙමින්, නමුත් ඉතා සාර්ථකව තම සම්පූර්ණ ධූර කාලයන් ගත කර, නියමිත කාලයේ සියලු පුරවැසියන්ගේ කඳුළු සහ ආදරය මැදින් විශ්‍රාම ගත්තේ අප රටේ නායකයන්ට ද කදිම ආදර්ශයක් සපයමිනි.

ඔහු ලොව බලවත්ම රටෙහි ජනාධිපති වුව ද සිය බලය අයුතු ලෙස යොදවා මුදල් වංචා නොකළේ ය, තම දරුවන්ට යහපත් පියෙක් වූයේ ය, තම බිරිඳට විශ්වසනීය සැමියෙක් වූවේය.

එවැනි ආදර්ශවත් නායකයෙකුගේ ළමා කාලය මෙන්ම අභියෝගාත්මක ධූර කාල දෙකෙහි තොරතුරු, සමන් පුෂ්පා ගුණසේකර මහත්මිය විසින් ‘බැරීගේ සිහිනය’ නමින් පරිවර්තනය කර ඇත.

මෙවැනි යහපත් ආදර්ශවත් නායකයන්ගේ ජීවන කතා ඉදිරියටත් සිංහල පාඨකයා වෙත ගෙන ඒමට ඇයට ශක්තිය සහ ආශිර්වාදය පතමි.

- නීතිඥ තේජා පූර්ණිමා ගුණසේකර

ISBN
9789553125941
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බැරීගේ සිහිනය - බරක් ඔබාමා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.