භස්ම - SEEDS OF AMERICA 03
කර්සන් !
බ්ලැන්කේට්ටුව, සෙමින් පහත් කරන ලදී. එම භයානක
තත්ත්වය තේරුම් ගත නොහැකිව මම එදෙසට දිව
ගියෙමි. එම දුර ප්‍රමාණය පියවර විස්සකට වැඩි නො වූ
නමුත්, මුහුදු පතුල හරහා දුවන මෙන්, ඔහුට ළඟා වීම
සඳහා දිගු කලක් ගත වූ බව දැනිණි.
මම දණින් වැටුණෙමි. ඔහුගේ ශීතල ශරීරයෙන් නිකුත්
වූයේ, සතුන් මරන ස්ථානයක පවතින වැනි දුගඳකි.
මගේ හදවත නතර විය. මම ඔහුගේ මුහුණ, මගේ අත්
මත හොවා ගත්තෙමි. මගේ කටහඬ, කඩතොලු විය.
කර්සන්, ඔයා මැරිල නැහැ.” මම කෑගැසුවෙමි.
"අනේ! මැරෙන්න එපා” ඔහුගේ හුස්මෙහි උණුසුම මගේ
කම්මුලට දැනෙන පරිදි, මම ඔහුට හේත්තු වීමි. මගේ
කඳුළු ඔහුගේ මුහුණ මත වැගිරිණි. ඔහුගේ හෘද
ස්පන්දනය දැන ගැනීම සඳහා ඔහුගේ පපුව ස්පර්ශ
කළෙමි.
"මාව අත් හැර දමලා යන්න එපා!” මම මිමිනුවෙමි.
ඔහුගේ හෘද ස්පන්දනයෙහි සිහින් හඬ, මගේ ඇඟිලි
තුඩුවලට දැනිණි. ඔහු, ඇසිපිය ගසමින්. වෙළුම් පටි
යොදා නො තිබුණු අත ඔසවා, මගේ මුහුණ ස්පර්ශ
කළේ ය.
"හලෝ පිටිසරී !" ඔහු මිමිනී ය.
මගේ හදවත, සූර්යාලෝකයෙන් පිරී ගියේ ය. මම
ඔහුගේ අත අල්ලා ගත්තෙමි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.