භාරත මහා සෘෂී රාමනා
වේන්කතරාමන් හෙවත් රාමනා මහා සෘෂී මෙලොව එළිය දුටුවේ 1879.12.29 දින දකුණු ඉන්දියාවේ තිරුවුෂි හි දී ය. ඔහුගේ වයස අවුරුදු 17 දී ඔහු ප්‍රබුද්ධත්වයට පත් වූයේ අපූරු අත්දැකීමක් තුළිනි. තම මාංශමය ශරීරය මරණයට පත් වෙනු ඔහු සවිඥාණකව දුටුවේ ය. මෙම පරිවර්තනයේ ප්‍රතිඵලයක් හැටියට නිවසින් පිට වූ ඔහු ප්‍රතිරෝධය කළ නො හැකි ආකාරයට අරුණාචලා කඳු ගැටය වෙතට ඇදී ගියේ ය. කිසිදු දිනෙක එය අත නො හැර ගිය ඔහු තමන් වටා ඒකරාශීවූවන්ට පිරිසිදු අද්වෛත වේදාන්ත වාදය ඉගැන්වූයේ සරල ආත්ම නිරීක්ෂණ ශික්ෂණයකිනි.
ලෝකයේ විවිධ ජාතීන්ට අයත් විවිධ ආගමිකයන්ගේ අති මහත් ගෞරවාදරයට හා වන්දනයට පාත්‍ර වූ රාමනා මහා සෘෂී තම අනුගාමිකයන්ගේ ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයා වෙමින් කළ මෙහෙවර රැගත් එතුමන්ගේ ජීවිත කතාව එක හුස්මට කියවා නිම කළ හැකි විස්මිත අන්දරයක් සේ ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි අපූරු පරිවර්තන බස් වහරකින් ගෙත්තම් කර ඇත්තේ ඔබ ද පරම රමණීය වූ ආධ්‍යාත්මික ගමන් මාර්ගයකට පොළඹවමිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.