බයිසිකල් ඔත්තුකරු
මාසෙල්ගේ ජීවිතයේ වැදගත්ම බයිසිකල් ගමන ඔහුට පැදයන්නට හැකිවේ ද? ප්‍රංශයේ කුඩා නගරයක වීදි දිගේ වේගයෙන් හෝ ඔහුගේ දෙමාපියන්ගේ බේකරියේ පාන් බෙදා හැරීම සඳහා තම පාපැදිය පැදයාමට මාසෙල් කැමතිය. දවසක සුප්‍රකට මහා ප්‍රංශ පාපැදි සවාරියට සහභාගී වීමේ සිහිනය ඔහුගේ මනසේ දලුලා වැඩෙමින් තිබිණ. එහෙත් 1940 දී සිදු වූ ජර්මානු ආක්‍රමණයෙන් ප්‍රංශ පාපැදි සවාරිය පැවැත් වීමට ඉඩහසර නොලැබිණ. දැන් ඔහුගේ ගමෙහි හැමඅතම විසිරි සිටි සොල්දාදුවන් විසින් මාසෙල්ගේ බයිසිකල් ධාවනයට බාධා කරමින් මාර්ග බාධකවලදී ඔහුව නවතා ප්‍රශ්න කරනු ලැබීය. ඉක්බිතිව මාසෙල්ට රහස් ද්විත්වයක් අනාවරණය වේ. පාපැදි සවාරිය අවලංගු වීමට වඩා භයානක කාරණා යුද්ධය සමඟ බැඳී පවතින බව ඔහු උගෙන ගනියි. සිය පාසලට පැමිණි යෙහෙළිය ඇතුළු ඇගේ පවුලම හදිසියේම ජීවිත තර්ජනයකට ලක්වන විට ඔවුන්ට පලා යාමට උපකාර කරන්නට ඔහුට රහස් පණිවිඩ එහා මෙහා ගෙන යන්නට සිදුවෙයි. මාසෙල් දැඩි වෙහෙස නොතකා දිගු ගමනකට මුල පුරයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.